
“වෙළෙඳපොළ සම්බන්ධ කරමින්, වර්ධනයට මංපෙත් විවර කිරීම” යන තේමාව යටතේ ජකර්තාහි පැවති ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ව්‍යාපාර හා ආයෝජන සමුළුවට ප්‍රතිපත්ති සම්පාදකයන්, ආයෝජකයන් සහ ව්‍යාපාරිකයින් එක්වෙති
දකුණු ආසියාවේ උපායමාර්ගික ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්‍යතාවය , 2026 ඔක්තෝබර් 16 සිකුරාදා ජකර්තාහි JW Marriott හෝටලයේදී පැවති “Sri Lanka Connect 2026” ශ්‍රී ලංකා-ඉන්දුනීසියා ව්‍යාපාරා හා ආයෝජන සමුළුවේදී ඉන්දුනීසියාවේ ව්‍යාපාරික හා ප්‍රතිපත්ති ක්ෂේත්රයේ නියෝජිතයන් වෙත ඉදිරිපත් කෙරිණි. ජකර්තාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සමුළුවේ අරමුණ වූයේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, දෙරටේම ආයෝජන ප්‍රවාහ දිරිගැන්වීම, ව්‍යාපාරික හවුල්කාරිත්ව ගොඩනැගීම සහ උපායමාර්ගික සහයෝගීතාව පුළුල් කිරීමයි.
මෙම සමුළුව දෙරටේ ප්‍රතිපත්ති සම්පාදකයන්, ආයෝජන ප්‍රවර්ධන ආයතන, ව්‍යාපාරිකයින් සහ ආයෝජකයන්ට අදහස් හුවමාරු කරගැනීමට, ආයෝජන අවස්ථා ඉදිරිපත් කිරීමට සහ සහයෝගීතාව සඳහා නව මංපෙත් හඳුනාගැනීමට වේදිකාවක් සලසා දුන්නේය. ආයෝජන දෙදිශාවටම ප්‍රවර්ධනය කිරීම, වාණිජ හා උපායමාර්ගික හවුල්කාරිත්ව හඳුනාගැනීම සහ ප්‍රතිපත්ති, ආයෝජන හා කර්මාන්ත ක්ෂේත්රවල පාර්ශවකරුවන් සංවිධානාත්මක සංවාදයකට සම්බන්ධ කිරීම යන ප්‍රධාන අරමුණු තුනක් මත වැඩසටහන සකස් කර තිබිණි.
ශ්‍රීලංකාව: ව්‍යාපාර වර්ධනයසඳහා ආසියාවේ ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක්
සමුළුවේ ආරම්භක සාකච්ඡා මණ්ඩලයේදී කලාපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව, උපායමාර්ගික භූගෝලීය පිහිටීම සහ ව්‍යාපාරික කටයුතු සඳහා හිතකර ආයෝජන පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ තරගකාරී වාසි අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර ආයෝජකයන්ට ආකර්ෂණීය ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් පවතින ආකාරය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. මෙම සමුළුවේ මුඛ්‍ය දේශනය, ඉන්දුනීසියාවේ ආයෝජන සහ පසු-සැකසුම් (Downstream) කර්මාන්ත අමාත්‍ය අතිගරු රොසාන් රොස්ලානි මහතා (H.E. Rosan Roeslani) විසින් සිදු කරන ලදී. ඊට අමතරව, ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විසින් වීඩියෝ පණිවුඩයක් සමුළුවට එවා තිබිණි.
විදේශ සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සුදුසු ගමනාන්තයක් වීමට බලපාන කරුණු, රජය විසින් සපයනු ලබන ආයෝජන දිරිගැන්වීම් හා ප්‍රතිපත්තිමය සහාය, ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම සහ ප්‍රධාන ජාතික සංවර්ධන ව්‍යාපෘති හා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ව්‍යාපෘති තුළ පවතින
අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඉන්දුනීසියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පවතින ප්‍රමුඛතා අංශ පහක් හඳුනාගනු ලැබීය:
• දේපළ සංවර්ධනය
• ප්‍රවාහන හා භාණ්ඩ බෙදාහැරීමේ සැපයුම් දාම කළමනාකරණය
• නාවික හා වරාය ආශ්රිත කර්මාන්ත
• රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය
• ඖෂධ හා සෞඛ්‍ය සේවා ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය
මෙම සාකච්ඡා මණ්ඩලය ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා විසින් මෙහෙයවන ලදී. එයට Kalbe International Pte. Ltd. හි අධ්යක්ෂ රූඩි සන්තෝසා ඉරාවන් මහතා (Mr. Rudy Santosa Irawan), කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ (Colombo Port City Economic Commission) වාණිජ අධ්යක්ෂ රාධිකා ඔබේසේකර මහත්මිය (Ms Radika Obeyesekara), CBL Global Foods හි සභාපතිනිය සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකාව මෙන්ම ඉන්දුනීසියා- ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාවේ සභාපතිනිය වන ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් ආයෝජන ප්‍රවර්ධන විධායක අධ්යක්ෂ ගංගා පලකැටිය මහත්මිය ද සහභාගි වූහ.
ඉන්දුනීසියාවේශ්රී ලාංකික ව්‍යාපාර හා ආයෝජන අවස්ථා
දෙවන සාකච්ඡා මණ්ඩලයේ දී අවධානය යොමු වූයේ ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ක්‍රියාකාරකම් වෙතය. ශක්තිමත් ආර්ථික ශක්‍යතාවයන්, ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන ආයෝජන ප්‍රතිසංස්කරණ සහ පහළ අදියරේ කාර්මික සංවර්ධනය හේතුවෙන් ඉන්දුනීසියාව ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආයෝජන ගමනාන්තයක් ලෙස සැලකේ. එරට ශ්‍රී ලාංකික ආයෝජනවල වත්මන් තත්ත්වය, වෙනස් වෙමින් පවතින ආයෝජන පරිසරය සහ විදේශ ආයෝජකයන් සඳහා ප්‍රමුඛතා අංශ මෙහිදී සමාලෝචනය කෙරිණි. දෙරටේ ව්‍යාපාර අතර සහයෝගීතාව හා ආයතනික සම්බන්ධතා ශක්තිමත් කරමින් ද්විපාර්ශවික ආයෝජන සබඳතා පුළුල් කිරීමේ හැකියාව ද සාකච්ඡා විය.
CIMA Global Learning Partner හි අකලංක ද සොයිසා මහතා විසින් මෙහෙයවන ලද මෙම සාකච්ඡා මණ්ඩලයට Danantara හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ කළමනාකාර අධ්යක්ෂ රේසා සිරේගර් මහතා (Mr. Reza Siregar), Hayleys Aventura හි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය වසබ ජයසේකර මහතා, MAS Holdings සමූහයට අයත් Silueta (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී රුවන් කෑරගල මහතා සහභාගි වූහ.
රාජ්‍යහා පෞද්ගලික අංශ නියෝජනය කළ පුළුල් පාර්ශවකරුවන් පිරිසක්
මෙම සමුළුවට ඉන්දුනීසියාවේ ප්රමුඛ ව්‍යාපාරික සමූහ, වාණිජ මණ්ඩල හා ව්‍යාපාරික සංගම් නියෝජිතයන්, ඉන්දුනීසියානු රජයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන් සහ ඔවුන්ගේ නියෝජිත කණ්ඩායම්, ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික සමාගම් සහ ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළත් ශ්‍රි ලාංකික නියෝජිත පිරිසක් එක් වූහ. මාධ්‍ය නියෝජිතයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් ද ඊට සහභාගි වූහ.
Sri Lanka Connect 2026 සමුළුව, ආසියාව පුරා දිගුකාලීන ආයෝජන හවුල්කාරිත්ව ගොඩනැගීමටත්, තරගකාරී හා කලාපීය සම්බන්ධතා සහිත වර්ධන පදනමක් ලෙස ශ්‍රි ලංකාව ප්‍රවර්ධනය කිරීමටත් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය දරන කැපවීම යළි අවධාරණය කරයි.















