
කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (CAL), සිංගප්පූරුවේ පිහිටි සිය පූර්ණ අනුබද්ධිත CAL Global Pte. Ltd. හරහා, හොංකොං හි පිහිටි අරමුදල් කළමනාකරණ සමාගමක් වන Asia Frontier Capital Ltd. (AFC) සමාගමේ 51% ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ගනුදෙනුව හොංකොං හි Securities and Futures Commission අනුමැතිය ඇතුළු අදාළ නියාමන අනුමැතීන්ට යටත්ව සම්පූර්ණ කිරීමට නියමිතය.
මෙම පියවර CAL සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්තියේ වැදගත් සංධිස්ථානයක් වන අතර, එමගින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිංගප්පූරුව යන රටවල CAL මෙහෙයුම්, හොංකොං හි AFC ආයෝජන ජාලය මෙන්ම වියට්නාමය, උස්බෙකිස්ථානය සහ ඉරාකය යන රටවල පවතින කණ්ඩායම් සමග සම්බන්ධ වේ.
2013 වසරේදී ආරම්භ කරන ලද AFC සමාගම මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 125 කට අධික වත්කම් කළමනාකරණය කරන අතර, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත CAL සමාගම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පුරා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කරයි.
කැපිටල් එලයන්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (CAL) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරන ලද දැනුම් දීමකට අනුව මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමේ ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 2.5ක් පමණ වේ.















