
සතවර්ෂ ගණනාවක සිට පැවත එන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනය (OCU) සහ තායිලන්තයේ රාජමංගල තාක්ෂණ විශ්වවිද්‍යාලය ක්රුංටෙප් (RMUTK) යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, නවෝත්කරණ හා සංස්කෘතික ආයතනය (ISIC) අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීම පසුගිය දා බැංකොක් නුවර ISIC විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ගංගාරාම අධ්‍යාපන කේන්ද්‍රය හරහා ක්‍රියාත්මක වන OCU සරසවිය යනු මෙරට දූ දරුවන්ට සාධාරණ හා අඩු මුදලකට ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබා දීමේ උතුම් අරමුණින් නිර්මාණය වූ අධ්‍යාපන ආයතනයකි. මෙම නව සබඳතාවයත් සමඟ, ප්‍රථම උපාධියේ සිට ආචාර්ය උපාධි (PhD) දක්වා වූ ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල පාඨමාලා රැසක් හැදෑරීමේ ස්වර්ණමය අවස්ථාව දැන් ශ්‍රී ලංකික සිසු දරුවන්ට හිමි වේ.
ISIC විශ්වවිද්‍යාලය යනු තායිලන්ත රජයේ රාජකීය විශ්වවිද්‍යාලයක් වන අතර, එය තායිලන්ත රජතුමාගේ සභාපතිත්වයෙන් යුක්ත වේ. තවද මෙය UGC අනුමත, WES අනුමැතිය හිමි සහ ඉහළම ජාත්‍යන්තර QS ශ්‍රේණිගත කිරීම් පෙළේ පසුවන කීර්තිමත් විශ්වවිද්‍යාලයකි.
සම්භාවනීය ආරාධිතයන් සහ සහභාගී වූවන්
ශ්‍රී ලංකා නියෝජිත පිරිස:
• එච්.ඊ. ඊ. ඒ. එස්. විජයන්ති එදිරිසිංහ මහත්මිය - තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනි සහ UNESCAP හි ස්ථිර නියෝජිත (විශේෂ ආරාධිත දේශනය පවත්වන ලදී)
• ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා - OCU සරසවියේ අධ්යක්ෂ, ගරු ආණ්ඩුකාර උපදේශක සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය
• ශිවන්ති අබේරත්න මහත්මිය - වෙළඳ ප්‍රධානී, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
තායිලන්ත RMUTK-ISIC නියෝජිත පිරිස:
• මහාචාර්ය ආචාර්ය ඕ පින් ලියු (Assoc. Prof. Dr. Yaoping LIU) - RMUTK-ISIC අධ්යක්ෂ සහ නිර්මාතෘ (පිළිගැනීමේ දේශනය පවත්වන ලදී)
• මහාචාර්ය ආචාර්ය දරණී පිච්චංපොං (Assoc. Prof. Dr. Daranee Pimchangthong) - අධ්‍යයන හා පර්යේෂණ නියෝජ්‍ය අධ්යක්ෂ
• චැට්චායි රක්තින් මහතා (Mr. Chatchai Rakthin) - නියෝජ්‍ය අධ්යක්ෂ
• ඇඩා මාරි ජී. මස්කාරිනාස් මහත්මිය (Mrs. Ada Marie G. Mascarinas) - ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ
• නොප්පවාන් නම් තබ්දම් මෙනෙවිය (Ms. Noppavan Namtubtim) - පොදු පාලන පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ
• ආචාර්ය මෙත්තෙයිය බෙලියත්ත මහතා (Dr. Metteyya Beliatte) - ගෝලීය බුදුදහම අධ්‍යයන අංශයේ ප්‍රධානී
මෙම උත්සවයේදී දෙපාර්ශවයේම ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්, අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, සමරු තිළිණ හුවමාරු කර ගැනීම මෙන්ම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් ද පැවැත්විණි.
මෙම ඓතිහාසික ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ නව පුනරුදයක් ඇතිවන අතර, මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන සහභාගීත්වයක් සඳහා පුළුල් මාවතක් විවර වේ.
























