
Top News
සංචාරක පැමිණීම දහනව ලක්ෂයේ කඩඉම පසුකරයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 නොවැම්බර් 01 -08 කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති 49,929ක් වූ විදෙස් සංචාරකයින් ප්‍රමාණයත් සමඟින්, 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,912,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශීත සෘතුවේ සංචාරක පැමිණීම ආරම්භ කරමින් මේ වන විට යුරෝපාකරය ඇතුළු රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයේ ඉහළ යාමක් දැකගත හැකි අතර රුසියානු සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයක් එහිදී වාර්තා වී ඇත. 2026 නොවැම්බරයේ මුල් දින 8 තුළ පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය වූ ඉන්දියානු සංචාරකයින් (12,401) හැරුණු කොට රුසියාව (5,483), එක්සත් රාජධානිය (3,541) හා ජර්මනිය (3,449) යන රටවල් මෙරට ප්‍රමුඛ සංචාරක මූලාශ්‍ර බවට ඒ අනුව පත් වී ඇත.
වසරේ මේ දක්වා මෙරටට පැමිණ සමස්ත සංචාරකයින්ගෙන් 26%ක් එනම් 512,026ක් ඉන්දියානු සංචාරකයින් වන අතර එක්සත් රාජධානිය (176,670), චීනය (126,326) හා ජර්මනිය (108,754) ලක්ෂය ඉක්මවා මෙරටට සංචාරකයින් පැමිණ ඇති සෙසු රටවල් වේ.
MostRead

VideoStories

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28
Stock Market
Market Closed
Share Volume
N/A
Turnover
N/A
ASPI
N/A
N/AN/A%
S&P SL20
N/A
N/AN/A%











