
Top News
ASPI යළි විසිදෙදහස අභිබවයි. අද ඒකක 592ක දැවැන්ත පිම්මක්. පිරිවැටුම රු. බිලියන 8ට ආසන්න වෙයි

ආයෝජකයින් අමන්දානන්දයට පත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 592.02ක හෙවත් 2.75%ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට අද (10) දින සමත්විය. ඒ අනුව යළිත් වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,000 සීමාව පසු කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,123.39ක් ලෙසින් සටහන් වුණි.
2026 ජූලි 06 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ වාර්තාගත ඒකක 224.97ක වර්ධනයක් වාර්තා කළේ පෙර දිනයට සාපේක්ෂව 3.66%ක ඉහළ යාමක් සනිටුහන් කරමිනි. දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒහ අගය කක 6,368.12ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මේ අතර අද දින රු. බිලියන 7.95ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
MostRead

VideoStories

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28
Stock Market
Market Closed
Share Volume
N/A
Turnover
N/A
ASPI
N/A
N/AN/A%
S&P SL20
N/A
N/AN/A%











