header logo
Top News
අයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට රු. මිලියන 95,000ක්
අයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට රු. මිලියන 95,000ක්

2027 අයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් රු. මිලියන 95,000ක් වෙන් කර ඇති බව අයවැය කථාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අදාළ අයවැය යෝජනාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"මෙම වසරේ දී හඳුන්වා දුන් කොළඹ ආශ්‍රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නාගරික කලාප වෙත ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා."

"මෙට්‍රෝ බස් සඳහා මේ දක්වාම රජය ආයෝජනය කර තිබෙනවා. මේ වන විටත් බස්රථ 120 කට අධික සංඛ්‍යාවක් ධාවනය කරනවා. තවත් බස් රථ 50 ක් 2027 වර්ෂයේ දී එම සමාගමට එකතුවීමට නියමිතය. එයට අමතරව විදුලි බස් රථ හඳුන්වා දීමටත් අපි සැලසුම්කරලා තියෙනවා. ඒ සඳහා බස් රථ 100 ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතයි. එම බස් රථ සඳහා අවශ්‍ය ඩිපෝ ඉදිකිරීම, ආරෝපණය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, පුහුණුව ලබා දීම ආදී කටයුතු ලබන වර්ෂයේ ආරම්භ කරනවා. ඒ සඳහා රු. මිලියන 4,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා."

"පෞද්ගලික අංශය ද මෙට්‍රෝ බස් යෙදවීම දිරිමත් කිරීමට දැනට මාර්ග බලපත්‍ර හිමියන්ට තමන්ගේ දැනට පවතින බස් රථ වෙනුවට පත්ල පහත් නවීන බස්රථයක් ධාවනයට එක්කිරීම දිරිමත් කරනවා."

"දුර ගමන් සේවා මගීන් හට සුව පහසු සහ ආරක්ෂිත සේවාවක් සැපයීම උදෙසා වායු සමනය කරන ලද බස් රථ 600 ක් ආනයනය කිරීම සදහා දැනටමත් කටයුතු කර තිබෙනවා."

"කඳුකර පටු මාර්ග සහිත ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය ආසන 22 ප්‍රමාණයේ කුඩා බස් රථ 50 ක් මිලදී ගැනීමට රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා."

"ග්‍රාමීය ප්‍රදේශවල මගී සේවා සඳහා අවශ්‍ය ආසන 33 ප්‍රමාණයේ කුඩා බස් රථ 200 ක් ලබා ගැනීමට රු. මිලියන 4,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා."

"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් පරිවර්තන සහ ඒකාබද්ධ කළමනාකරණ පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 200 ක් වෙන් කර තිබෙනවා."

"වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර භූමියේ ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 600 ක් වෙන් කිරීමට යෝජනා කරනවා."

"මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 700 ක් වෙන් කර තිබෙනවා."

"රථවාහන අනතුරු අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධ කරමින් නව ඩිජිටල් රියදුරු අකුසලතා ලකුණු පද්ධතිය සහ මාර්ග ආරක්ෂණ බලාත්මක කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා."

"දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5 ක් මිල දී ගැනීමට රු. මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා."

"දිගු කාලයක සිට නිසි පරිදි නඩත්තුවට ලක් නොවූ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමේ වැඩසටහන වෙනුවෙන් 2027 වර්ෂයේ රු. මිලියන 2,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා."

"මේ වන විට දිට්වා ආපදාවෙන් හානියට ලක් වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදවා, කොළඹ හා පේරාදෙණිය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කළා."

"ඉන්දීය රජයේ ණය ආධාර වැඩසටහන යටතේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වූ දුම්රිය මාර්ග කොටස, පේරාදෙණිය සිට ගම්පොළ දක්වා වූ උඩරට දුම්රිය මාර්ගය සහ මාතලේ දුම්රිය මාර්ගය නවීන ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව, වඩාත් සුරක්ෂිත හා ස්ථාවර ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මහනුවර දක්වා දුම්රිය 2027 වසරේ පළමුවැනි කාර්තුව ඇතුළත ධාවනය කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා."

"ඉන්දියානු රජය විසින් දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, නිවාස හා ජල සම්පාදන ව්‍යාපෘති සැකසීම, මොරගහකන්ද පාලම ඇතුළු පාලම් 13 ක් ප්‍රතිසංස්කරණය කිරීම, බේලි පාලම් ඉදිකිරීම සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු අංශවලට ආධාර ලබා දුන්නා."

“චීන රජයෙන් දිවා සුළි කුණාටුවෙන් වූ හානි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ විනාශ වූ පාලම් 14 ක් නැවත ඉදිකිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇති අතර ඒ මඟින් ගම්පහ, කෑගල්ල, අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පිහිටි පාලම් නවයක් ප්‍රතිසංස්කරණ වැඩකටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා."

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%