header logo
Top News
විදෙස්ගත ශ්‍රමිකයින්ට නව නිවාස ණය යෝජනා ක්‍රමයක්
විදෙස්ගත ශ්‍රමිකයින්ට නව නිවාස ණය යෝජනා ක්‍රමයක්

විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50 ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව අයවැය කථාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අදාළ අයවැය යෝජනාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දුවාදරුවන්ගේ දැනුම හා හැකියාව මෙන්ම මව්බිමට තිබෙන බැඳීම රටේ අනාගත සංවර්ධන ගමනට සම්බන්ධ කරගැනීම සදහා අප නව ප්‍රවේශයක් ගත යුතු වෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්‍රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් වෙනුවෙන් “ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි” වැඩසටහනක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා. ඒ අනුව, ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කරන අයදුම්කරුගේ කලත්‍රයාට, දූදරුවන්ට මෙන්ම තුන්වන පරම්පරාවේ දරුවන්ට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අප යෝජනා කරනවා.”

"විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50 ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මෙම යෝජනා ක්‍රමය යටතේ, රු. ලක්ෂ 30 ක් දක්වා 10% ක පොළී සහනාධාරයක් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5% ක පොළී සහනාධාරයක් ලබා දීමට කටයුතු කරනවා. පළමු රු. ලක්ෂ 30 සඳහා 6% ක දායකත්වයක් රජය විසින් ද, 4% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3% ක දායකත්වයක් රජය විසින් ද, 2% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට යෝජනා කරනවා. මෙම පොළී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වර්ෂයේ දී රජයේ දායකත්වය ලෙස රු. මිලියන 1,000 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා."

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%