header logo

Daily Exchange Rates

Nov 13, 2026
Top News
බලශක්ති ක්ෂේත්‍රයේ සාධාරණ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා
බලශක්ති ක්ෂේත්‍රයේ සාධාරණ වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා
බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් පසුගිය (13)දා කොළඹදී පැවැත්විණි.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගීතාවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.
 
ප්‍රතිසංස්කරණයට ලක්වන බලශක්ති සහ විදුලිබල ක්ෂේත්‍ර තුළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සාධාරණ තරගකාරී පරිසරයක් සහ නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අපේක්ෂාව විය.
 
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව නිර්මාණය වී ඇති නව වටපිටාව තුළ මෙවැනි සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම කාලෝචිත සහ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
 
විනිවිදභාවයෙන් යුත් සහ සාධාරණ තරගකාරීත්ව රාමුවක් තුළින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, පාරිභෝගිකයින්ට දැරීමට සිදුවන විදුලි සහ බලශක්ති පිරිවැය අවම කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රය තුළ පෞද්ගලික අංශයේ සහභාගිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
 
ඒ සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් එකම වේදිකාවකට එක් කරමින්, බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.
 
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගියෝ හොන්සු (Shigeo Honzu) මහතා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.
 
මීට අමතරව, ජපානයේ තරගකාරීත්ව නීති බලාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වන Japan Fair Trade Commission හි විශේෂඥයින් සිව්දෙනෙකු ඇතුළු දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%