header logo

Daily Exchange Rates

Nov 13, 2026
Top News
දැවැන්ත ගනුදෙනු දෙකක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 9 පනී
දැවැන්ත ගනුදෙනු දෙකක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 9 පනී

අද (16) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය දෙක තුළ රු. බිලියන 9 ඉක්ම වූ දැවැන්ත පිරිවැටුමක් වාර්තා විය.

එහිදී සමාගම් දෙකක කොටස් හුවමාරු හරහා මෙම පිරිවැටුම වාර්තා වී ඇති බව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පුවරුව පෙන්වා දේ.

ඒ අනුව CONVENIENCE FOODS LANKA PLC සමාගමේ ප්‍රමුඛ කොටස් හිමියා වූ CBL INVESTMENTS LIMITED සතුව පැවති 1,962,977ක කොටස් හිමිකාරීත්වය ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ලෙස හුවමාරු වී ඇති අතර රු. බිලියන 3.97ක පිරිවැටුමක් ඒ හරහා වාර්තා වී තිබිණි. එය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 71.38%ක ප්‍රමාණයකි.

මේ අතර කාර්ගිල්ස් (සිලෝන්) සමාගමේ කොටස් මිලියන 7ක ප්‍රමාණයක් ඒ වන විට වෙළෙඳපොළ ගනුදෙනු ලෙස හුවමාරු වී තිබුණේ රු. බිලියන 4.5 ඉක්ම වූ පිරිවැටුමක් ජනනය කරමිනි.

මෙම ගනුදෙනු දෙක අදාළ සමාගම් හි අභ්‍යන්තර කොටස් හුවමාරු ද, එසේ නැතහොත් එම කොටස් හිමිකාරීත්වයන් හි වෙනසක් සිදු වී ඇත්ද යන වග මෙතෙක් අනාවරණය වී නොමැත. 

කෙසේවෙතත් ඒ වන විට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් වාර්තා වී තිබුණු අතර පෙරවරු 11.40 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 266කින් ද S&P SL20 දර්ශකය ඒකක 79කින් ද පහළ ගොස් තිබුණි.

MostRead

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%