
2026 ඔක්තෝබර් මාසයේ සංචාරක ඉපැයිම් එක්සත් ජනපද ඩොලර් මිලියන 192.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 185.6ක හා 2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 186.1ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයන්ට වඩා ඉහළ අගයයක් ගෙන තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් වසරේ පෙර මාසවල ලද සංචාරක ඉපැයීම් හා සැලකීමේ දී 2026 වසරේ මුල් මාස 10 තුළ ඩොලර් මිලියන 2,437.9 ක්වූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2025 වසරේ මුල් මාස 10 දී වාර්තා වූ ඩොලර් මිලියන 2,659ට වඩා 8.3%ක පහළ යාමක් වාර්තා කර තිබීම අවධානය යොමු කළ යුතු කරුණකි.


















