
මැදකුඹුර වතුයායේ පදිංචිකරුවන් 750 දෙනෙකුට විශේෂඥ සායනික සේවා, රෝග විනිශ්චය සහ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා නොමිලේ.
සෞඛ්‍ය සේවය යනු මූලික මානව හිමිකමක් මිස හුදෙක් ව්‍යාපාරික අරමුණු මත පමණක් පදනම් වූවක් නොවිය යුතු බවට වන විශ්වාසය පෙරදැරිව, මෙල්ස්ටා හොස්පිට්ල්ස් (Melsta Hospitals - Ragama) විසින් මෑතකදී සිය ආයතනික සමාජීය වගකීම් (CSR) වැඩසටහන කඳුකර වතුකර ප්‍රජාව වෙත පුළුල් කිරීමට කටයුතු කළ අතර, ඒ යටතේ ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් ආයතනය මගින් පාලනය වන මැදකුඹුර වතුයායේදී නොමිලේ වෛද්‍ය සායන සහ සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන "හෙට දින දරුවන් – නිරෝගී මව්වරුන් සහ ප්‍රීතිමත් දරුවන්" යන ප්‍රධාන තේමාව යටතේ කොළඹ නැගෙනහිර රොටරි සමාජය (Rotary Club of Colombo East) සමඟ එක්ව සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.
සාම්ප්‍රදායික පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයීමෙන් ඔබ්බට යමින්, කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර ශ්‍රී ලංකාව පුරා සිටින උපකාර අවශ්‍ය ප්‍රජාවන්ට සේවය කිරීම සඳහා මෙල්ස්ටා හොස්පිට්ල්ස් නිරන්තරයෙන් කැපවී සිටින අතර ඒ අනුව භූ පිහිටීම හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් හොඳ වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අපහසු ජනතාව වෙත සෘජුවම සමීප වී එම පහසුකම් ලබා දීම රෝහල විසින් විශේෂ අවධානයක් යොමු කරන කර්තව්‍යයකි.
ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ වතුයායේ කොටස් දෙකකට අයත්, මූලික වශයෙන් මව්වරුන් සහ දරුවන් ඇතුළු පදිංචිකරුවන් 750 කට අධික පිරිසකට ප්රතිලාභ සැලසුණි. ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ පරිපාලන කාර්ය මණ්ඩලයෙන් සමන්විත කැපවූ වෛද්‍ය කණ්ඩායමක් මැදකුඹුර වතුයායේදීම මෙලෙස සෘජුවම වෛද්‍ය පරීක්ෂණ සහ විශේෂඥ සායනික සේවා ලබා දීම සඳහා තම ශ්‍රමය ලබා දුන්හ.
මෙහිදී සහභාගී වූවන් වෙත සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ, සායනික උපදෙස්, අත්‍යවශ්‍ය ඖෂධ, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම් සහ විද්‍යුත් හෘද රූප සටහන් (ECGs) සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන ලදී. ඊට අමතරව, තිරසාර ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් රෝග නිවාරණයේ සහ සෞඛ්‍ය අධ්‍යාපනයේ ඇති වැදගත්කම හොඳින් දන්නා මෙල්ස්ටා හොස්පිට්ල්ස්, සිය වෛද්‍ය විශේෂඥයින් සහ වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් සමාන්තරව සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා තිබිණි. මෙම සැසිවාරයන්හිදී, වීඩියෝ දර්ශන සහ සජීවී අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා හරහා එම සම්පත් අල්ප ප්‍රදේශවල දරුවන්ගේ පෝෂ්‍යදායී අවශ්‍යතා මෙන්ම මව්වරුන් සහ තරුණ යුවතියන් සඳහා නිසි මාසික සනීපාරක්ෂාව පවත්වාගෙන යාමේ වැදගත්කම ආදී කරුණු පිළිබදව දැනුවත් කිරීම සිදු කෙරිණි.
ප්‍රධාන සායන භූමිකාවෙන් ඔබ්බට සිය සමාජ සත්කාරය පුළුල් කරමින්, රෝහල් කණ්ඩායම වතුයායේ වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවන් සඳහා විශේෂිත සෞඛ්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය ඇගයීම් සිදු කළ අතර, කොළඹ නැගෙනහිර රොටරි සමාජය සමඟ එක්ව විශේෂ පෝෂණ මලු බෙදා දීමට කටයුතු යොදා තිබිණි.
තවද රෝහෙල් වෛද්‍යවරුන්, කළමනාකාරීත්වය සහ රොටරි නියෝජිතයින් වතුයායන් වෙත පෞද්ගලිකවම ගොස්, යකඩ, කැල්සියම් සහ ෆෝලික් අම්ලය ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය අතිරේක (supplements) වතු කම්කරුවන් වෙත පරිත්‍යාග කළහ. ඊට අමතරව, වතු ප්‍රජාවේ අඛණ්ඩ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ආධාර වීම පිණිස ආසන්න වශයෙන් රුපියල් 500,000ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ වතු වෛද්‍ය නිලධාරී වෙත පරිත්‍යාග කරන ලදී.
රෝහලේ සමස්ත ආයතනික සමාජීය වගකීම් මෙහෙවර පිළිබඳව අදහස් දක්වමින්, මෙල්ස්ටා හොස්පිට්ල්ස් රාගම ආයතනයේ විධායක අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී (CEO) වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරෙයිවන් මහතා මෙසේ පැවසීය, "සෞඛ්‍ය සේවා ආයතනයක් ලෙස අපගේ වගකීම රෝහල් පරිශ්‍රයට පමණක් සීමා නොවිය යුතු බවත්, සැබෑ ආයතනික සමාජීය වගකීම යනු අප හුදෙක් පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන ව්‍යාපාරයක් පමණක් නොවන බව අවබෝධ කර ගැනීම බවත් අපි දැඩිව විශ්වාස කරන්නෙමු. අප අපේ රටේ ජනතාවට, විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත ප්‍රජාවන් වෙත, අපේ සේවය ලබා දීමට නිරන්තරයෙන්ම කැප වී සිටින්නේ ඒ නිසයි. දියුණු තාක්ෂණික පහසුකම් නොමැති ප්‍රදේශ වෙත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය සහ නවීන රෝග විනිශ්චය පහසුකම් සෘජුවම ගෙන යාමෙන්, කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර එම ප්‍රජාවන්ට උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති අපහසුතා දුරු කිරීම අපේ අරමුණයි. මැදකුඹුර වතුයායේදී මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතා ආඩම්බර වෙනවා."
මෙම වැඩසටහන මෙල්ස්ටා හොස්පිට්ල්ස් විසින් මෑතකදී යාපනයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන වෛද්‍ය සායනය ඇතුළුව රට පුරා පුළුල් වන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සාර්ථක පියවරක් වන අතර, කඳුකර වතුකරයේ ජනතාව විශේෂයෙන් ඉලක්ක කරගෙන සංවිධානය කරන ලද පළමු සහමහා පරිමාණ නොමිලේ සෞඛ්‍ය සායනය වීම මෙහි විශේෂත්වයයි. මෙම කලාපයේ අඩු පහසුකම් සහිත ප්‍රජාවන්ට අඛණ්ඩව මෙම සේවාව ලබා දීම සඳහා තවත් නොමිලේ වෛද්‍ය සායන ගණනාවක් ඉදිරියේදීත් පැවැත්වීමට මෙල්ස්ටා රෝහල සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට මෙල්ස්ටා හොස්පිට්ල්ස් රාගම ආයතනය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී (CEO) වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරෙයිවන්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී (COO) රොෂිටා නිරෝෂන් මහත්මිය ඇතුළුව රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනිය, වෛද්‍ය සේවා ප්‍රධානී සහ අලෙවිකරණ ප්‍රධානී ඇතුළු කළමනාකාරීත්ව කණ්ඩායම සහභාගී වූහ. කොළඹ නැගෙනහිර රොටරි සමාජය නියෝජනය කරමින් එහි සභාපති රොටේරියන් අලගන් තවරාජ් මහතා, හිටපු සභාපතිවරුන් සහ සාමාජිකයින් ද මීට එක්ව සිටියහ.
මෙල්ස්ටා හොස්පිට්ල්ස් රාගම ආයතනය ISO 9001 (ගුණාත්මකභාවය), ISO 22000 (ආහාර සුරක්ෂිතතාව), ISO 14001 (පරිසර කළමනාකරණය) සහ ISO 45001 (වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව) යන ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලත් ඒකාබද්ධ කළමනාකරණ පද්ධතියක් (Integrated Management System) යටතේ ක්‍රියාත්මක වන අතර, නවතම 8 වන සංස්කරණයේ ප්‍රමිතීන්ට අනුව ගෝලීය Joint Commission International (JCI) තත්ත්ව සහතිකය ද දිනා සිටියි.


















