
දශක තුනකට අධික සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමඟින්, විලාසිතා සහ ගෘහ අවශ්‍යතා සඳහා වූ නවතම සාප්පු සවාරි ගමනාන්තයක් හඳුන්වා දෙමින්, ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් 2026 නොවැම්බර් 11 වන දින පෙරවරු 10.00 ට කොළඹ 06, වැල්ලවත්ත ප්‍රදේශයේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් කොළඹ විලාසිතා වෙළඳපොළට නිල වශයෙන් ප්‍රවේශ විය.
මෙම සමාරම්භක උත්සවය ඉන්දීය සිනමා නිළි පූජා හෙග්ඩේගේ සහභාගීත්වයෙන් මෙන්ම, ක්‍රිකට් ක්‍රීඩකයින්, කලාකරුවන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වෙත මෙම සිල්ලර වෙළඳ සන්නාමයේ ආගමනය සනිටුහන් කළ මෙම අවස්ථාව, දේශීය සන්නාමයක් ලෙස සිය ව්‍යාපාරික වර්ධනයේ නව අදියරක ආරම්භය ද සනිටුහන් කළේය.
වක්‍රාකාර ඉදිරිපස නිමාව, වීදුරු මුහුණත සහ ඉහළ මහලේ හරිත උද්‍යාන සහිතව නිර්මාණය කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය, වැල්ලවත්ත ප්‍රදේශයට සුවිශේෂී ගෘහ නිර්මාණාත්මක අනන්‍යතාවක් එක් කරයි. මහල් කිහිපයක් පුරා විහිදී ඇති මෙය කොළඹ පිහිටි විශාලතම විලාසිතා ප්‍රදර්ශනාගාරවලින් එකක් වන අතර, එදිනෙදා අවශ්‍යතා, උත්සව අවස්ථා සහ මංගල කටයුතු සඳහා අවශ්‍ය ඇඟලුම්, ගෘහ උපකරණ සහ විලාසිතා උපාංග එකම වහලක් යටට ගෙන එයි. පවුලේ සාමාජිකයින් සහ හිතමිතුරන් සමඟ පැමිණෙන පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් පුළුල් රථගාලක පහසුකම් ද මෙහි ස්ථාපිත කර ඇත.
සමාරම්භක වැඩසටහනට සමගාමීව, පූර්ව ලියාපදිංචිය හරහා තෝරාගත් රසිකයින් 100 දෙනෙකුට පූජා හෙග්ඩේ සහ සෙසු ප්‍රසිද්ධ පුද්ගලයින් හමුවී ඡායාරූප ගැනීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වූ අතර, එමඟින් සැමරුම් උත්සවයට වඩාත් සමීප පාරිභෝගික සබඳතාවක් එක් කෙරිණි.
නව ප්‍රදර්ශනාගාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට පෙර සන්නාමයේ ඉදිරි සැලසුම් පිළිබඳව මහජන කුතුහලය දනවමින් දියත් කළ "කොළඹ අයට, කොළඹ 6ට" යන තේමා පාඨය යටතේ වූ පූර්ව ප්‍රචාරණ ව්‍යාපාරයෙන් අනතුරුව මෙම කොළඹ ආගමනය සිදු විය.
1993 වසරේදී ස්ථාපිත කරන ලද ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්, කොළඹ වෙළඳපොළට පිවිසීමට පෙර කෑගල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ, මීගමුව සහ රත්නපුර යන ප්‍රධාන නගර හයක් ආවරණය වන පරිදි (කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර දෙක බැගින් ඇතුළුව) ප්‍රදර්ශනාගාර අටක් ඔස්සේ සිය ව්‍යාපාරික ජාලය ශක්තිමත්ව ගොඩනගා තිබේ. 2025 පිනකල් සම්මාන උළෙලේදී Most Popular Retailer ලෙස ද මෙම ආයතනය ඇගයීමට පාත්‍ර විය.
වැල්ලවත්ත ප්‍රදර්ශනාගාරය හරහා මෙම සිල්ලර වෙළඳ ව්‍යාප්තිය කොළඹ සහ බස්නාහිර පළාත වෙත පුළුල් කෙරෙන අතර, සමස්ත පවුලටම පිවිසිය හැකි සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස නිර්මාණය වී ඇති මෙය, පුළුල් පාරිභෝගික පදනමක් වෙත සන්නාමය වඩාත් සමීප කරවයි.




















