header logo

Daily Exchange Rates

Nov 13, 2026
Corporate News
SDB බැංකුව, 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී බැංකු අතරින් විශේෂිත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ලීසිං සේවාවන්හි පෙරමුණ ගනී
SDB බැංකුව, 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී බැංකු අතරින් විශේෂිත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ලීසිං සේවාවන්හි පෙරමුණ ගනී

නොවැම්බර් 20 වන දින සිට 23 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය (Colombo Motor Show 2026) සඳහා සහභාගී වෙමින්, පහසුවෙන් මිලදී ගත හැකි වාහන මූල්‍යකරණ පහසුකම් සැපයීම සහ ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට SDB බැංකුව සූදානමින් සිටී. දෛනික ගමනාගමන අවශ්‍යතා, ස්වයං රැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාරික (SME) ක්‍රියාකාරකම් සඳහා එම රථවාහන ලබා දෙන සුවිශේෂී දායකත්වය හඳුනා ගනිමින්, යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ලීසිං විසඳුම් කෙරෙහි බැංකුව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මෑත වසරවලදී ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන රැසක් තුළ සිය ශක්තිමත් සන්නාම පැවැත්ම තහවුරු කර ගනිමින්, වාහන හිමිකාරිත්ව විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා ප්‍රමුඛතම මූල්‍ය හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීම SDB බැංකුවේ අරමුණයි. මෙවර ප්‍රදර්ශනයේදී, බැංකු ක්ෂේත්‍රය තුළ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහාම වෙන් වූ විශේෂිත ලීසිං සේවා සපයන්නා ලෙස තමන් සතු සුවිශේෂී ස්ථානය කෙරෙහි බැංකුව අවධානය යොමු කරන අතර, ඊට සමගාමීව පෞද්ගලික වාහන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සහ අනෙකුත් ගනුදෙනුකාර කාණ්ඩ සඳහා ද මූල්‍ය පහසුකම් පිරිනමනු ඇත.

F4 සහ F5 ප්‍රදර්ශන කුටි වෙත පැමිණෙන අමුත්තන්ට SDB බැංකුවේ ලීසිං පහසුකම් පිළිබඳව පුළුල් ලෙස තොරතුරු දැන ගැනීමටත්, තම අවශ්‍යතාවන්ට ගැළපෙන පුද්ගලාරෝපිත මූල්‍ය මඟපෙන්වීමක් මෙන්ම ප්‍රදර්ශන භූමියේදීම පහසුවෙන් උපදේශන සේවාවන් මෙන්ම වාහන මිල දී ගැනීමටත් අවස්ථාව හිමි වේ. තරගකාරී ලීසිං අනුපාත සහ සුදුසුකම් හා අදාළ ලියකියවිලි සපුරාලීමට යටත්ව පැයක් ඇතුළත අනුමැතිය ලබා දීමේ පහසුකම හරහා, වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් මූල්‍යකරණ ක්‍රියාවලිය වඩාත් සරල කිරීම බැංකුවේ අරමුණයි.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය: "විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් සඳහා ඇති ප්‍රවේශය තුළින් සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යවසායකයින්ට ද අර්ථවත් අවස්ථා රැසක් නිර්මාණය කළ හැකි බව අප‍ගේ විශ්වාසයයි. කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයට සහභාගී වීම තුළින් අප අපේක්ෂා කරන්නේ, අපගේ ගනුදෙනුකරුවන්ගේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ස්වාධීනත්වයට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන, පහසුවෙන් ලබා ගත හැකි වාහන මුල්‍ය පහසුකම් ලබා දීමයි.."

මෙම වැඩපිළිවෙළ හරහා පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට වැඩි පහසුවක්, ස්වාධීනත්වයක් සහ තිරසර ආර්ථික අවස්ථා අත්කර ගැනීමට හැකියාව ලබා දෙමින්, මූල්‍ය අන්තර්ගතභාවය සහ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් බැංකුකරණය වෙනුවෙන් වන සිය කැපවීම SDB බැංකුව අඛණ්ඩව තහවුරු කරයි.

MostRead

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%