
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද (18) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 298.31ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 1.37%ක පසුබෑමකි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,402.76ක් ලෙසින් සටහන්ව තිබුණි.
පසුගිය නොවැම්බර් (12) දා 2027 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අඛණ්ඩව කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමක් වාර්තා වූ සිව්වන දිනය අද වේ.
ඒ අනුව නොවැම්බර් 12 සිට අද (18) දින දක්වා ගනුදෙනු දින 4ක දී ඒකක 22,157.40 සිට ඒකක 21,402.76ක් දක්වා ඒකක 754.64කින් කොටස් වෙළෙඳපොළේ පහළ යාමක් සිදුව ඇත. මෙය 3.4%ක කඩාවැටීමකි.
මේ අතර අද දිනයේ දී S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 1.41%ක පහළ යාමක් වාර්තා කරමින් ඒකක 87.50ක පරිහානියක් වාර්තා කළේ දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 6,096.97ක් ලෙස සටහන් කරමිනි.
පසුගිය ගනුදෙනු දින 4 තුළ දී S&P SL20 දර්ශකය ඒකක 6,365.57 සිට ඒකක 6,096.97ක් දක්වා ඒකක 268.60කින් අඩු වී ඇති අතර එය 4.21%ක පහළ යාමක් වේ.
අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. බිලියන 1.93ක් ලෙසිනි.





















