header logo

Daily Exchange Rates

Nov 18, 2026
Corporate News
xCommerz® සහ Xiteb® අඛණ්ඩව තෙවසරක් ජාත්‍යන්තර ඇගැයීමට පාත්‍ර වේ
xCommerz® සහ Xiteb® අඛණ්ඩව තෙවසරක් ජාත්‍යන්තර ඇගැයීමට පාත්‍ර වේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක තාක්ෂණ විශේෂඥ දායකත්වයෙන් සංවර්ධනය කළ xCommerz® ඩිජිටල් වාණිජ විසඳුම ආසියානු මට්ටමින් යළිත් ඇගැයීමට

Xiteb® සමාගම සංවර්ධනය කළ xCommerz® ඩිජිටල් වාණිජ මෘදුකාංග පද්ධතිය Asia eCommerce Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවසරක් ජාත්‍යන්තර ඇගැයීමට ලක් වෙමින් තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. ශ්‍රී ලංකාව, වියට්නාමය, මැලේසියාව සහ ඉන්දියාව නියෝජනය කරන මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ විශේෂඥයන්ගේ දායකත්වය මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් කළ අඛණ්ඩ ආයෝජනය මෙම ජාත්‍යන්තර පිළිගැනීමට වැදගත් පදනමක් වී ඇත. Walmart, IKEA සහ Amazon වැනි ලොව ප්‍රමුඛ පෙළේ වාණිජ ආයතන අනුගමනය කරන ජාත්‍යන්තර වාණිජ ක්‍රමවේද පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව xCommerz® මෘදුකාංග පද්ධතිය සංවර්ධනය කර තිබේ. තනි වෙළෙඳ ආයතනයක් සඳහා වන අන්තර්ජාල වෙළෙඳ පද්ධති (eCommerce) මෙන්ම වෙළෙඳුන් රැසකට එකම ඩිජිටල් වේදිකාවක් ඔස්සේ ව්‍යාපාර කිරීමට පහසුකම් සලසන බහු වෙළෙඳුන්ගේ වෙළෙඳපොළ පද්ධති (Multi-Vendor Marketplaces) සඳහාද මෙම විසඳුම පහසුකම් සපයයි. ව්‍යාපාර අවශ්‍යතා අනුව පුළුල් කළ හැකි තාක්ෂණ ව්‍යුහය, විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව, අවශ්‍යතාවලට ගැළැපෙන පරිදි වෙනස් කිරීමේ පහසුකම් සහ වෙනත් පද්ධති සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව එහි ප්‍රධාන විශේෂත්ව වේ.

Asia eCommerce Awards 2026 සම්මාන උළෙලට ආසියා සහ ඕෂනියා කළාපය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සේවා සපයන්නෝ, ඩිජිටල් වාණිජ ක්ෂේත්‍රයේ විශේෂඥ ආයතන සහ බහුජාතික සන්නාම රැසක් එක් වී සිටියහ. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයද ඇතුළත් මෙම කළාපීය තරගාවලියේදී Best eCommerce Innovation, Best eCommerce Solution සහ Best eCommerce Consultant යන සම්මාන කාණ්ඩ තුනෙන්ම Xiteb® සමාගම අවසන් තේරීම් ලැයිස්තුවට ඇතුළත් වීම විශේෂත්වයකි. මෙම සම්මාන කාණ්ඩ සඳහා තරග කළ අනෙකුත් ප්‍රමුඛ පෙළේ ආයතන අතර Flipkart Commerce Cloud, AnyMind Group, DKSH, Intrepid Asia, Imagic Esolutions, Exabytes Network සහ iProspect Taiwan යන සමාගම් විය. එම තරගකාරී ව්‍යාපෘති අතර Nestlé, L’Oréal, Beiersdorf, Crocs, Unilever සහ Haleon වැනි ලොව ප්‍රකට සන්නාම සම්බන්ධ ව්‍යාපෘතිද ඇතුළත් විය. සම්මාන සඳහා ඉදිරිපත් වූ ව්‍යාපෘති ඇගැයීම Samsung Electronics, Philips, 3M, Beiersdorf, Electrolux, Lufthansa Group සහ Mondelēz International ඇතුළු ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර විධායක නිලධාරීන් 19 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරන ලදී. තාක්ෂණ නවෝත්පාදනය, ව්‍යාපාර ඵලදායීතාව, උපායමාර්ගික සැළැසුම් ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය සහ වාණිජමය බලපෑම යන ප්‍රධාන නිර්ණායක පදනම් කර ගනිමින් මෙම ඇගැයීම් කර තිබේ.

Asia eCommerce Awards සම්මාන උළෙල සංවිධානය කරන්නේ ජර්මනියේ Forum Media Group සමූහයට අයත් සිංගප්පූරුව කේන්ද්‍ර කර ගත් Lighthouse Independent Media ආයතනය ප්‍රකාශයට පත් කරන MARKETING-INTERACTIVE මාධ්‍ය ආයතනයයි. Xiteb® සමාගම ශ්‍රී ලංකාවේ Xiteb (Pvt) Ltd සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ Xiteb LLC යන ආයතන හරහා සිය ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යයි. දැඩි ජාත්‍යන්තර තරගකාරිත්වයක් මධ්‍යයේ xCommerz® මෘදුකාංග පද්ධතිය අඛණ්ඩව තෙවසරක් ඇගැයීමට ලක් වීම එහි තාක්ෂණ හැකියාව සහ ජාත්‍යන්තර පිළිගැනීම තව දුරටත් තහවුරු කරයි. විශේෂයෙන් 2025දී රිදී සම්මාන සහ 2026දී ලෝකඩ සම්මානයක් හිමි කර ගැනීම පර්යේෂණ පදනම් කර ගත් ඩිජිටල් වාණිජ විසඳුමක් ලෙස xCommerz® ලබා ඇති ප්‍රගතිය පිළිබිඹු කරයි. මෙය Xiteb® සමාගමට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය ව්‍යාපාර ප්‍රජාවටම ආඩම්බර විය හැකි ජයග්‍රහණයකි. ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් වාණිජ විසඳුම් සොයන ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට, ලොව පිළිගත් දේශීය තාක්ෂණික විසඳුම් කෙරෙහි විශ්වාසය තබමින් සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමේ ගමනට දායක වීමටත් මෙය කදිම අවස්ථාවකි. වැඩි තොරතුරු: www.xcommerz.com,  www.xiteb.com.

 

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%