header logo

Daily Exchange Rates

Nov 18, 2026
Top News
මෙරට ආර්ථිකයේ සහ රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගිතාව ශක්තිමත් කෙරේ
මෙරට ආර්ථිකයේ සහ රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගිතාව ශක්තිමත් කෙරේ
2028–2032 වර්ෂ සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ, ද්වීපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක් අතර ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. වට දෙකකින් යුතුව ක්‍රියාත්මක වූ මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථික පරිවර්තනය වේගවත් කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රධාන ජාතික සංවර්ධන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම යන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
 
එසේම, යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට සමගාමීව, ආර්ථික ස්ථායීකරණයේ සිට තිරසාර, සියල්ලන් ඇතුළත් කරගත්, අපනයන-මූලික කරගත් වර්ධනයක් මෙන්ම, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරමින් දිගුකාලීන ණය තිරසාරභාවය කරා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ප්‍රධාන අවධානයක් යොමු කෙරිණි.
පරිපාලන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලි විධිමත් කිරීම, ආයෝජන සඳහා ඇති නිලධාරිවාදී බාධක ඉවත් කිරීම, රාජ්‍ය ආයතන නවීකරණය කිරීම සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික නියෝජිත පිරිස විසින් මෙහිදී අවධාරණය කරන ලදී. රජයේ දත්ත පද්ධති, ආයතනික ධාරිතාව සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීමද මෙම සාකච්ඡාවේ ප්‍රධාන ප්‍රමුඛතා ලෙස හඳුනා ගැනිණි.
දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ආපදා අවදානම් අවම කිරීම, කෘෂිකාර්මික නවීකරණය, ආහාර සුරක්ෂිතතාව, ඉලක්කගත සමාජ ආරක්ෂණය, තරුණ රැකියා නියුක්තිය, වෘත්තීය පුහුණුව සහ වයස්ගත වන ජනගහනය වෙනුවෙන් පෙර සූදානම් වීම සහයෝගිතාව සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර විය.
 
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් කුඩා පරිමාණයේ වෙන් වෙන් වූ ව්‍යාපෘති වෙනුවට, ඉහළ බලපෑමක් ඇති ජාතික වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරමින් සහ පවතින රාජ්‍ය ආයතන ශක්තිමත් කරමින් 'එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක' (Delivering as One) සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කමද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
 
ජාතික සංවර්ධන ප්‍රමුඛතා සඳහා සම්පත් සපයා ගැනීමේ ක්‍රම ලෙස මිශ්‍ර සහ සහනදායී මූල්‍ය පහසුකම්, දේශගුණික අරමුදල් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ඇතුළු නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
 
2028–2032 නව සහයෝගිතා රාමුව ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූල වන බවට සහතික වෙමින්, තාක්ෂණික විශේෂඥතාව, ආයතනික ධාරිතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් මගින් ශ්‍රී ලංකා රජයට සහාය දීමට සූදානම් බවද එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස යළිත් තහවුරු කළහ.
 
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franch මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ Azam Bakeer Markar, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota සහ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී Kristin Parco යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජීවන්ති සේනානායක සහ  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධනුෂ්ක පෙරේරා යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%