header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි. එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට
මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි. එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (19) දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 9.00%ක් දක්වා පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් මුළුල්ලේ පවතී. ඉහළ ගිය ගෝලීය බලශක්ති මිල ගණන් සමඟ ඉහළ යමින් පවතින ආහාර මිල ගණන් හේතුවෙන් දේශීය ආර්ථිකය තුළ උද්ධමනකාරී පීඩනයන් උත්සන්න වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 8.3%ක් දක්වා (වාර්ෂික ලක්ෂ්‍යමය) ඉහළ ගොස් ඇත. ඉහළගිය බලශක්ති සහ ආහාර මිල ගණන්වල වක්‍ර බලපෑම් හේතුවෙන් මූලික උද්ධමනය ද ඉහළ ගියේය.

මෑත කාලීනව ගෝලීය බලශක්ති මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇත. කෙසේ වුවද, බලශක්ති මිල ගණන්වල මීට පෙර සිදුවූ ඉහළ යාම් මගින් ඇති කෙරෙන දෙවන වටයේ බලපෑම් හේතුවෙන් නුදුරු කාලීනව මිල මට්ටම් මත පීඩනයන් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවතම පුරෝකථනවලට අනුව, උද්ධමනය, නුදුරු කාලීනව පෙර පුරෝකථනය කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි අතර, අනතුරුව 2027 වසරේ දෙවන භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටම කරා නැවත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදි කාලීන උද්ධමන අපේක්ෂාවන්, උද්ධමන ඉලක්කය වටා ස්ථාවරව පවතින නමුත්, විශේෂයෙන් ඉදිරි වසරක කාලය සඳහා වන උද්ධමන අපේක්ෂාවන් මෑත කාලීනව ඉහළ යාමක් පෙන්නුම් කරයි.

2026 වසරේ මැයි මාසයේ දී සිදු කළ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ග වලට සමගාමීව වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත. පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය වර්ධනයේ වේගය අඛණ්ඩව මන්දගාමී වී ඇති නමුත්, එය තවදුරටත් ඉහළ මට්ටමක පවතී. මේ අතර, ගෝලීය ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතා මධ්‍යයේ වුව ද, විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. රජයේ ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුව ද, 2026 වසරේ ඔක්තෝබර් මස අවසානය වනවිට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7.1ක්2 දක්වා ඉහළ ගිය අතර, ඒ සඳහා මහ බැංකුව විසින් අඛණ්ඩව විදේශ විනිමය ශුද්ධ පදනම මත මිලදී ගැනීම හේතුවිය. මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල ද බොහෝ දුරට ස්ථායීව පැවතුණි.

නුදුරු කාලීනව උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින්, උද්ධමන අපේක්ෂා, උද්ධමන ඉලක්කයෙන් විතැන් වීමේ අවදානම අවම කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීම සුදුසු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය මගින් දේශීය මිල ස්ථායීතාව පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඇති කැපවීම පෙන්නුම් කරයි.

තවද, නිල සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව විසින් සිදුකළ දේශීය වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම් හරහා දේශීය මුදල් වෙළඳපොළ රුපියල් ද්‍රවශීලතාව සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. මේ හේතුවෙන්, ඉදිරි කාලපරිච්ඡේදයේ දී ණය වර්ධනයේ අපේක්ෂිත අඩුවීම කිසියම් දුරකට මන්දගාමී විය හැකිය. ඒ අනුව, 2026 දෙසැම්බර් 09 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගැනීමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ප්‍රතිශතාංක 1කින්, 3.00% දක්වා ඉහළ නැංවීමට ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළේය.

මහ බැංකුව දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ දත්ත මෙන්ම උද්ගතවන අවදානම් මනාව ඇගයීමට ලක් කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීම සඳහා සහාය වන අතර ම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම තහවුරු කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%