
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ වන හත්වන සමාලෝචනය සඳහා විධායක අනුමැතිය ලැබීම සහ අටවන වාරිකය ශ්‍රී ලංකාව හිමිවීම මෙම මාසය ඇතුළත සම්පූර්ණ වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
‘අද දෙරණ‘ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව අනාවරණය කළ අතර අදාල වාරිකය ඉතා ඉක්මනින් ලැබෙනු ඇති බව අවධාරණය කළේය. අද (20) කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
“ඉතා ඉක්මනින් ඒක ලැබේවි. ඒ සඳහා අදාළ ගිවිසුම් මේ වන විට යවලා තිබෙනවා. විධායක මණ්ඩලය දවසක් නියම කරගෙන ඉන්නවා. ඒ වාරිකය සම්පූර්ණ වෙයි, මේ මාසේ ඇතුළත.“
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ න්‍ය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලට සහ ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය 2026 ඔක්තෝබර් 05 දා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 345ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.


















