
ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s® අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, එහි පළමු අවන්හල කොළඹ One Galle Face හිදී ඊයේ (19) විවෘත කරන ලදී.
වසර 55කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන Wendy’s සන්නාමය, සිය ගුණාත්මක ආහාරපාන සහ සුවිශේෂී සේවා අත්දැකීම තුළින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. ඇණවුම් කළ පසු නැවුම්ව පිළියෙල කරන ආහාරපාන සමඟින් එම අත්දැකීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ද ලබාදීමට Wendy’s සූදානම් වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ 1969 වසරේදී ආරම්භ කරන ලද Wendy’s, උසස් ගුණාත්මකභාවයෙන් යුත් ආහාරපාන සහ නැවුම් අමුද්‍රව්‍ය භාවිතය සඳහා ප්‍රසිද්ධ ජාත්‍යන්තර අවන්හල් සන්නාමයකි. ‘Quality Is Our Recipe®’ යන සන්නාම මෙහෙවරට අනුව කටයුතු කරමින්, ලොව පුරා අවන්හල් 7,000කට අධික සංඛ්‍යාවක් පිහිටුවීමට Wendy’s සමත් වී ඇති අතර, එය අද වන විට ලොව ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාම අතරට එක්ව තිබේ. Wendy’s ශ්‍රී ලංකාවට පිවිසීමත් සමඟ එහි සුවිශේෂී සමචතුරස්‍රාකාර හැම්බර්ගර්, නැවුම්ව පිළියෙල කරන චිකන් සැන්ඩ්විච්, රසවත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ ජනප්‍රිය Frosty® අතුරුපස ඇතුළු ආහාරපාන රැසක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට නියමිතය. ඒ සමඟම ශ්‍රී ලාංකික ආහාර රුචිකත්වයන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සකස් කළ ‘නයි මිරිස්’ - Lankan Fire Burger සහ කහ බත් (Yellow Rice Bowl) වැනි ආහාර වර්ග ද මෙනුවට එක් කරමින්, ජාත්‍යන්තර ආහාර අත්දැකීමකට දේශීය රසයන් එක් කිරීමට Wendy’s කටයුතු කර ඇත.
ජාත්‍යන්තර තලයේ Wendy’s සන්නාමය සතු අත්දැකීම් සහ අනන්‍යතාවයත්, දේශීය වෙළෙඳපොළ පිළිබඳ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සතු පුළුල් අවබෝධයත් එකට එක්වීම මෙම හවුල්කාරීත්වයේ සුවිශේෂී ලක්ෂණයකි. මෙම සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව තුළ Wendy’s සන්නාමයේ දිගුකාලීන වර්ධනයට අවශ්‍ය පදනම ගොඩනැඟෙනු ඇත. කොළඹින් ආරම්භ කර ක්‍රමයෙන් දිවයින පුරා අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ ඔස්සේ නව රැකියා අවස්ථා බිහි කිරීමටත්, දේශීය සැපයුම්කරුවන් හා ව්‍යාපාරවලට සහාය වීමටත්, මෙරට ආහාර සේවා ක්ෂේත්‍රයේ දියුණුවට දායක වීමටත් අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසීය. “ගුණාත්මක ආහාරපාන වෙනුවෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන Wendy’s සන්නාමය ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දීමට හැකිවීම අපට විශේෂ අවස්ථාවක්. Wendy’s සතු සුවිශේෂී ආහාර මෙනුව සහ පාරිභෝගිකයන්ට උසස් අත්දැකීමක් ලබාදීම සඳහා දක්වන කැපවීම අපගේ ව්‍යාපාර සමූහයට වැදගත් ශක්තියක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. කොළඹින් ආරම්භ වන මෙම අවන්හල් ජාලය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් නව රැකියා අවස්ථා බිහි කිරීමටත්, මෙරට අවන්හල් ක්ෂේත්‍රයේ දියුණුවට දායක වීමටත් හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.”
මේ පිළිබඳව අදහස් පළ කරමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ අපගේ පළමු Wendy’s අවන්හල විවෘත කිරීමට සූදානම් වන මේ අවස්ථාවේ, අපට වැදගත්ම දෙය වන්නේ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ ආහාරපාන සහ විශිෂ්ට සේවාවක් ලබාදෙමින් ඔවුන් සමඟ දිගුකාලීන සබඳතාවක් ගොඩනඟා ගැනීමයි. ලොව පුරා Wendy’s සන්නාමය ප්‍රසිද්ධියට පත් කළ ගුණාත්මකභාවය, ආගන්තුක සත්කාරය සහ සුවිශේෂී අත්දැකීම ශ්‍රී ලාංකිකයන්ටත් ලබාදීමට අපි කැපවී සිටිනවා. එහි ජාත්‍යන්තර ප්‍රමිතීන් දේශීය රුචිකත්වයන් සමඟ මුසු කරමින්, පාරිභෝගිකයන් නැවත නැවතත් පැමිණීමට කැමති අවන්හල් අත්දැකීමක් නිර්මාණය කිරීම අපගේ අපේක්ෂාවයි.”
The Wendy’s Company හි ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයේ (APMEA) ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස් කොන්වේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ පළමු Wendy’s අවන්හල විවෘත කිරීම අපට නව ආරම්භයක් වන අතර, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමඟ එක්ව එම ගමන ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ පිළිබඳ ඔවුන් සතු පුළුල් අත්දැකීම් සහ පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධය, Wendy’s සන්නාමයේ උසස් ප්‍රමිතීන් සහ සුවිශේෂී අවන්හල් අත්දැකීම සමඟ එක්වීමෙන් ඉදිරියේදී සාර්ථක ගමනක් යාමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපගේ සන්නාමය ලොව පුරා ජනප්‍රිය කළ නැවුම්ව පිළියෙල කරන ආහාරපාන සහ සුහදශීලී සේවාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටත් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”
කොළඹ ජනප්‍රිය සාප්පු සංකීර්ණයක් වන One Galle Face හිදී ශ්‍රී ලංකාවේ පළමු Wendy’s අවන්හල විවෘත කරන ලදී. මෙමඟින් Wendy’s සන්නාමයේ ජනප්‍රිය ආහාරපාන සහ සුවිශේෂී පාරිභෝගික අත්දැකීම මෙරටට හඳුන්වා දෙන අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වෙත ද සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට පදනම සැකසෙනු ඇත.


















