header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
මධ්‍යම සහ දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා විනෝදාස්වාදය සඳහා වන සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් දිනා ගනී
මධ්‍යම සහ දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා විනෝදාස්වාදය සඳහා වන සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් දිනා ගනී

පසුගියදා සිංගප්පූරුවේ පැවති 2027 APEX FTE ප්‍රදර්ශනයේදී (2027 APEX FTE EXPO), ශ්‍රීලංකන් ගුවන් සේවය මධ්‍යම සහ දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා විනෝදාස්වාදය (APEX Best Entertainment in Central and Southern Asia) සඳහා වන සම්මානය යළිත් දිනා ගැනීමට සමත් වූ අතර, සිය 'APEX තරු හතරේ ප්‍රධාන ගුවන් සේවය' (APEX Four-Star Major Airline) යන ශ්‍රේණිගත කිරීම ද ස්ථාවරව පවත්වාගෙන යාමට සමත් විය. ගෝලීය ප්‍රමිතීන්ට අනුව ඉහළම පෙළේ ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීමට ගුවන් සේවය සතු හැකියාව මෙම ද්විත්ව ඇගයීම මගින් පිළිබිඹු වේ.

ලොව ප්‍රමුඛතම සංචාරක සැලසුම්කරණ යෙදවුමක් (travel-organising app) වන 'TripIt by Concur' හරහා සිදුකරන ලද ගුවන් මගී ඡන්ද මිලියනයකට අධික සංඛ්‍යාවක් පදනම් කරගෙන පිරිනැමෙන APEX සම්මාන යනු ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සංගමයක් වන Airline Passenger Experience Association (APEX) විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මාන උළෙලකි. මෙම සම්මාන උළෙලේදී ලොව පුරා ගුවන් සේවා 600කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කෙරෙන අතර, ආසන පහසුව, මැදිරි සේවාව, ආහාරපාන, විනෝදාස්වාදය සහ Wi-Fi ඇතුළු මගී අත්දැකීමේ ප්‍රධාන අංශ සහ භූගෝලීය කලාප අනුව තෝරාගැනීම සිදුකෙරේ. 

“මෙවැනි ඇගයීමක් අපට විශේෂයෙන්ම වැදගත් වන්නේ එය සෘජුවම අපගේ මගීන්ගෙන් ලැබෙන නිසාත්, අප සමඟ ගමන් කරන අයගේ සැබෑ අත්දැකීම් ඉන් පිළිබිඹු වන නිසාත් ය. අපගේ මගීන්ට සවන් දීම සහ එම ප්‍රතිචාර අනුව අපගේ සේවාවන් සහ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙයින් නැවතත් තහවුරු වේ. තවද, අඛණ්ඩව වසර අටක් පුරා අපගේ 'තරු හතරේ ප්‍රධාන ගුවන් සේවය' යන ශ්‍රේණිගත කිරීම රඳවා ගැනීම සුවිශේෂී දිරිගැන්වීමක් වන අතර, සුවපහසු මගී අත්දැකීමක් ලබා දීමට අප දක්වන කැපවීම ඉන් කියැවේ. ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රේණිගත කිරීමට සහ ඇගයීමට කාලය වෙන් කළ සෑම මගියෙකුටම මෙන්ම, මෙම ජයග්‍රහණ සාර්ථක කර ගැනීමට සාමූහිකව කැපවූ ආයතනයේ සියලුදෙනා වෙත මාගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. අවසාන වශයෙන්, අපගේ මගීන්ගේ අඛණ්ඩ විශ්වාසය සහ ප්‍රසාදය දිනා ගැනීමට වඩා වටිනා සම්මානයක් තවත් නොමැත.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිපැයුම් සහ සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී මරියා සතාසිවම් මහත්මිය පැවසුවාය.

ශ්‍රීලංකන් ගුවන් යානා තුළ ඇති විනෝදාස්වාද පද්ධතිය, විශේෂයෙන්ම දකුණු ආසියාතික මගී ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වැඩිදියුණු කර ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින පුරා විහිදෙන මෙම කලාපය තුල ගුවන් සේවය සතිපතා සිදුකරන ගෝලීය මෙහෙයුම්වලින් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරයි.

සිංහල විවිධාංග වැඩසටහන්, අඛණ්ඩව නැරඹිය හැකි පරිදි සැකසූ (box-set format) ටෙලිනාට්‍ය සහ සංචාරක, සංස්කෘතික, කර්මාන්ත සහ කාලීන තොරතුරු ආවරණය වන හරවත් වාර්තා වැඩසටහන් ඇතුළත් උසස් දේශීය වැඩසටහන් රැසක් විනෝදාස්වාද පද්ධතියට අන්තර්ගත වේ. ඊට අමතරව, ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතනවල සුවිශේෂී පොඩ්කාස්ට් (podcasts) සහ සම්මුඛ සාකච්ඡා මෙන්ම, කාලීන ගීත එකතු, උපහාර ගීත සහ නවක කලාකරුවන් ද ඇතුළත් සංගීත නිර්මාණ රැසක් මෙම දේශීය වැඩසටහන් පෙළ තවදුරටත් පෝෂණය කරයි.

දේශීය නිර්මාණවලට සමගාමීව, ඉන්දියානු උපමහාද්වීපය සහ ඉන් ඔබ්බට ගමන් කරන මගීන්ගේ විවිධ රුචිකත්වයන් පිළිබිඹු වන පරිදි ගුවන් සේවය සිය විනෝදාස්වාද පද්ධතියේ නිර්මාණ එකතුව පුළුල් කර ඇත. වඩාත් පරිපූර්ණ විනෝදාස්වාද ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීම සඳහා ජනප්‍රිය දෙමළ, හින්දි සහ දකුණු ආසියාතික සිනමා නිර්මාණ රැසක් සමඟින් විවිධ ශෛලීන්ගෙන් යුත් ජනප්‍රිය කලාපීය සංගීත ඇල්බම රාශියක් රසවිඳීමට දැන් මගීන්ට අවස්ථාව සලසා ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ට රටවල් 63 ක ගමනාන්ත 130 ක් වෙත පියාසර කිරීමට අවස්ථාව සලසා දෙන අතර, ඒ අතරට Codeshare හවුල්කාරීත්වයන් ද ඇතුළත්ය. යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග ආවරණය කරමින් ලොව පුරා ගමනාන්ත 33ක් වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. A330-200/300 සහ A320/321 ගුවන් යානාවලින් සමන්විත සම්පූර්ණ එයාර්බස් (Airbus) ගුවන් යානා එකතුවක් ශ්‍රීලංකන් ගුවන් සේවය සතුය. 

වැඩිදුර තොරතුරු සහ වෙන්කරවාගැනීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමාජ මාධ්‍ය පිටු වෙතින්ද නවතම තොරතුරු ලබාගත හැකි වේ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%