header logo

Daily Exchange Rates

Nov 20, 2026
Corporate News
INSEE Lanka සමාගම 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී විශිෂ්ටත්වයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
INSEE Lanka සමාගම 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී විශිෂ්ටත්වයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන INSEE Lanka සමාගම, 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ පාරිසරික විශිෂ්ටත්වය උදසො පිරිනැමෙන කීර්තිමත් රන් සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් විය. ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය තුළ පරිසර හිතකාමී තිරසරභාවය වෙනුවෙන් INSEE සමාගම දැක්වූ විශිෂ්ට දායකත්වය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමුණි. පරිසර අමාත්යාංශය යටතේ මධ්යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2026 ඔක්තෝබර් 19 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ප්රධාන ශාලා පරිශ්රයේදී පැවැත්විණි.

රටේ අනාගතයත්, පරිසර පද්ධතියත් වෙනුවෙන් නිරතුරුව පුළුල් දැක්මකින් කටයුතු කරන INSEE සමාගමේ තිරසර ගමන්මගේ හදවත සේ සැලකෙන පරිසර හිතකාමී සැලසුම වූ 'INSEE තිරසර අභිලාෂ 2030' වැඩපිළිවෙළ ලබා ඇති සාර්ථකත්වයට මෙම සම්මානය මනා නිදසුනක් සපයන බව නොරහසකි. 
මෙම ජයග්රහණය පිළිබඳ අදහස් දක්වමින්, INSEE Lanka ප්රධාන විධායක නිලධාරී ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා, "මෙය INSEE සමාගමේ අප සැමට ඉතාමත් ආඩම්බර විය හැකි මොහොතක්. වගකීම්සහගත මෙහෙයුම්, නවෝත්පාදනය සහ දිගුකාලීන පාරිසරික කැපවීම තුළින් කාර්මික සංවර්ධනය මෙන්ම පරිසර සංරක්ෂණයත් එකිනෙකට සමගාමීව සිදු කළ හැකි බව INSEE සමාගමේ අපි නැවත නැවතත් තහවුරු කරමින් සිටිනවා. ජාතික මට්ටමින් ලැබුණු මෙම ඇගයීම මගින් ද යළිත් වරක් තහවුරු වන්නේ එම ක්රියාවලිය තුළ අප ලබා ඇති විශිෂ්ටත්වයයි." යනුවෙන් පැවසීය.

'INSEE තිරසර අභිලාෂ 2030' වැඩපිළිවෙළ ප්රධාන අංශ පහක් මත ගොඩනැගී ඇත. එනම්, දේශගුණය සහ බලශක්තිය, චක්රීය ආර්ථිකය, ජෛව විවිධත්වය සහ ජලය, ප්රජාව සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය, වෘත්තීය සෞඛ්යය හා ආරක්ෂාව යන අංශ පහයි.

දේශගුණය සහ බලශක්තිය යන අංශය යටතේ, INSEE සමාගම අඩු කාබන් විමෝචනයක් සහිත සිමෙන්ති නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ සහ නව හඳුන්වාදීම් අඛණ්ඩවම සිදු කරයි. සාම්ප්රදායික සාමාන්ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) හා සැසඳීමේදී කාබන් ඩයොක්සයිඩ් (CO₂) විමෝචනය අඩු පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති (Portland Composite Cement - PCC) 2021 වසරේදී වෙළඳපොළට හඳුන්වා දීමේ පුරෝගාමියා බවට පත්වීමට INSEE සමත් විය. අඩු කාබන් වැය වීමක් ඇති සිමෙන්ති නිෂ්පාදනය ප්රවර්ධනය කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ගල්අඟුරු වැනි පොසිල ඉන්ධන මත යැපීම අවම කරමින් අපද්රව්ය ඇසුරෙන් නිපදවන විකල්ප ඉන්ධන හරහා තාප බලශක්ති ආදේශනය ඉහළ නැංවීම කෙරෙහි සමාගම සිය අවධානය වැඩි වශයෙන් යොමු කර ඇත.

INSEE සමාගමේ විශේෂිත අපද්රව්ය කළමනාකරණ අංශය වන INSEE Ecocycle හරහා, සිමෙන්ති පෝරණු තුළ අපද්රව්ය දහනය කරන විශේෂ ක්රමවේදයක් ද භාවිත කරන අතර, මෙය චක්රීය ආර්ථිකයක් සඳහා දායක වන වඩාත් සාධනීය පියවරකි. මෙමගින් සිමෙන්ති නිෂ්පාදනයට අවශ්ය විකල්ප ඉන්ධන, කාර්මික අපද්රව්ය මඟින් සපයා ගැනීම සිදු කරන අතර, මෙහි ඇති විශේෂම වාසිය වන්නේ ගල්අඟුරු භාවිතය අඩු කළ හැකි වීමයි. මීට අමතරව, කර්මාන්ත අතර සහයෝගීතා වැඩපිළිවෙළක් ලෙස, ගල්අඟුරු බලාගාරවලින් ඉවතලන fly ash නම් විශේෂිත අළු වර්ගය සිමෙන්ති නිෂ්පාදනයේ අතිරේක අමුද්රව්යයක් ලෙස යළි භාවිතයට ගැනේ. එමගින් ක්ලින්කර් භාවිතය අවම කිරීමටත්, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමටත්, සිමෙන්ති නිෂ්පාදනයෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්රමාණය අඩු කිරීමටත් හැකි වී තිබේ.

මෙම නවෝත්පාදන සංකල්පවලට සමගාමීව, හුණුගල් කැණීම් සිදුකරන ප්රදේශ මුළුමනින්ම නැවත වන වගාව සඳහා යෙදවීමට ද සමාගම කටයුතු කරයි. එමෙන්ම, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමිය ආශ්රිතව ජීවත් වන සතුන් බේරාගෙන යළි පරිසරයට මුදාහැරීමේ වැඩසටහන, කඩොලාන පද්ධති යළි වගා කිරීමේ ව්යාපෘති, වැසි ජලය එක්රැස් කිරීම සහ භූමිය මතුපිට ජලය භාවිතය පුළුල් කිරීම හරහා දේශීය ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සුරැකීමට INSEE සක්රීයව කටයුතු කරයි. එමෙන්ම වෘත්තීය පුහුණු වැඩසටහන්, පාසල් සඳහා අධ්යාපනික ආධාර ලබාදීම, වෛද්ය කඳවුරු සහ මත්ද්රව්ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා ප්රාදේශීය ප්රජාවට ද සමාගම සිය සහයෝගය ලබා දෙයි. මේ අතරතුර, සිය සමස්ත ව්යාපාරික ක්රියාවලිය සහ සැපයුම් ජාලය පුරාම 'පුද්ගලයන්ට සිදුවන හානි ශුන්ය කිරීමේ' ඉලක්කය වෙත ගමන් කිරීමට INSEE නිරතුරුවම කැපවී සිටී.

මෙකී සියලු ප්රයත්නයන්ගේ සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරමින්, ජාත්යන්තර EPD සහතිකය හිමිකරගත් ශ්රී ලංකාවේ පළමු සහ එකම සිමෙන්ති සමාගම බවට ද INSEE පත්ව ඇත. එමෙන්ම, Eco Label සහතිකය මෙන්ම තිරසර නිෂ්පාදන කාර්යසාධනය වෙනුවෙන් ශ්රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ තරු 05 ශ්රේණිගත කිරීම හිමිකරගත් ශ්රී ලංකාවේ පළමු සිමෙන්ති සන්නාමය වන්නේ ද INSEE සමාගමයි.

මෙම සන්ධිස්ථානයන් සඳහා ජාත්යන්තරව පිළිගත් ප්රමිතීන් රැසක තහවුරුව ද හිමිව තිබේ. ඒ අනුව, INSEE සමාගමේ මෙහෙයුම් කටයුතු ගුණාත්මකභාවය සඳහා වන ISO 9001, පාරිසරික කළමනාකරණය සඳහා වන ISO 14001, වෘත්තීය සෞඛ්යය සහ ආරක්ෂාව සඳහා වන ISO 45001, බලශක්ති කළමනාකරණය සඳහා වන ISO 50001, මාර්ග රථවාහන ආරක්ෂාව සඳහා වන ISO 39001, රසායනාගාර නිපුණතාව සඳහා වන ISO 17025 සහ පාරිභෝගික තෘප්තිය සඳහා වන ISO 10004 යන ගෝලීය ප්රමිතීන් රැසක් යටතේ සහතික කර ඇත. 
වගකීම්සහගත නිෂ්පාදන ක්රියාවලිය, නවෝත්පාදනය සහ පරිසර සංරක්ෂණය තුළින් ඉදිකිරීම් ක්ෂේත්රයේ තිරසර පරිවර්තනයකට නායකත්වය දීමත්, ඒ සියල්ල තුළින් අනාගත පරපුර වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට INSEE සතු කැපවීමත් මෙම ඇගයීම් ඔස්සේ මැනවින් පිළිබිඹු වන බව නම් අවිවාදිතය. 
 

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%