header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
බැංකුවලින් වාහන ණය ගැනීමේ දී කළ ‘ LTV වංගු ගැසීම්‘ වළක්වන්න මහ බැංකුවෙන් අලුත් නීතියක්
බැංකුවලින් වාහන ණය ගැනීමේ දී කළ ‘ LTV වංගු ගැසීම්‘ වළක්වන්න මහ බැංකුවෙන් අලුත් නීතියක්

වාහන සඳහා ණය ලබා දීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දී තිබූ වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය අනුපාතිකය (loan to value ratio) සම්බන්ධ මාර්ගෝපදේශ මගහරිමින්, ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන් හට අනිසි ආකාරයෙන් සිදුකරනු ලබන ණය ලබා දීම් වැළැක්වීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වෙත නව චක්‍රලේඛයක්  හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(20) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ‘අද දෙරණ‘ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

"අපි දැක්කා සමහර බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, අපි ඉස්සෙල්ලා introduce කරපු loan to value ratio එක, එක එක විදිවලින් මගහැරලා ණය දෙන්න, එක එක ක්‍රම පාවිච්චි කරනවා. එක ක්‍රමයක් තමයි valuation වෙනස් කරන එක. ඒක නිසා අපි ඒක formalize කරන්න කරපු දෙයක් මේ අලුත් circular එක. ඒකෙන් අපි කියලා තියෙන්නේ මම හිතන්නේ ලොකුම වෙනස් කම තමයි brand new vehicles වලට අන්වාර්යෙන් Tax invoice එක මත පදනම් කරගෙන Tax invoice එකේ තියන value එක මත පදනම් කරගෙන තමයි loan to value ratio එක මත ණය ප්‍රමාණය තීරණය වෙන්න ඕන කියන එක."

මේ සම්බන්ධයෙන් අදහස් දක්මින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පැවසීය.

"අපිට පැමිණිලි ලැබිලා තියනවා, විශේෂයෙන්ම සමහර ආයතන විසින් අර value එකෙන්නේ වටිනාකම අරගෙන ණය දෙන්නේ. ඒ වටිනාකම නියමිත වටිනාකම නෙවෙයි. ඊට වඩා වැඩිපුර අධිතක්සේරු කළ වටිනාකමක් පෙන්වලා, ඒකෙන් වැඩිපුර ණය ගන්නවා කියන එක. ගන්න කෙනාටත් අවදානමක්, ණය දෙන කෙනාට විදියට බැංකුවටත් ඒක අවදානමක්. එතකොට ඒක වැලැක්වීම සඳහා තමයි මේක අරගෙන ආවේ. විශේෂයෙන් අධිතක්සේරු කරලා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ණය ගැනීම වැළැක්වීමට තමයි ඒක ගෙනාවේ. ඒක මොටර් රථවලට පළමුවත්, තව එක දිගටම තිබුනොත් අනිත් ඒවටත් ගේන්න බලාපොරොත්තු වෙනවා." 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශ පහතින් දැක්වේ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%