
‘බලාගෙනයි, වාසි වැඩියි, හිතෙන හිතෙන දේ ගන්න හිතෙයි’ තේමාව යටතේ මෙවර උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් විශේෂ දීමනා රැසක් හඳුන්වා දී ඇත. දිවයින පුරා පිහිටි වෙළඳසැල් 680ට ආසන්න සංඛ්‍යාවකදී මෙම දීමනා හරහා 60% ක් දක්වා වට්ටම් ලබාගත හැකි වේ.
2026 නොවැම්බර් 15 වන දා සිට දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් කාණ්ඩ 15 කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි පුළුල් පරාසයක දීමනා පිරිනමයි. ආහාර පාන සහ ආහාර බෙදාහැරීමේ ආපන ශාලා හා භාණ්ඩ හා සේවා වල සිට සංචාර, විවේකය හා විනෝදාස්වාදය, ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා සහ සාප්පු සවාරි දක්වා උත්සව සමයට අදාල සියලුම කාණ්ඩ මෙයට ඇතුළත් වේ. උත්සව හමුවක්, නිවාඩුවක්, සාප්පු සවාරි හෝ තමන්ට සහ තම ආදරණියන් වෙනුවෙන් විශේෂ පිරීනැමීමක් ආදිය සැලසුම් කරන විට, කොමර්ෂල් බැංකු කාඩ්පත් භාවිතයෙන් ඔවුන්ගේ එම වියදම් පාලනය කර ගනිමින්, කාඩ්හිමියන්ට මෙම උත්සව සමය වඩාත් වාසිදායක අත්දැකීමක් බවට පත්කර ගැනීමේ අවස්ථාව උදාකර දීම මෙහි අරමුණ වේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකාර සීවලී වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය:“මෙවර අපගේ උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහනේ හරය වන්නේ අපගේ ගනුදෙනුකරුවන් ඉතා ඉහළින් අගය කිරීමයි. අපගේ ගෞරවනීය කාඩ්පත් හිමියන්ගේ සිතුවිලි හා හැඟීම් අපි මනාව තේරුම්ගෙන සිටින්නෙමු. ඒ නිසා අපි ඔවුන්ගේ පක්ෂපාතීත්වය සැබවින් ම අගය කළ හැකිවන පරිදි මෙසේ ප්‍රවර්ධන වැඩසටහන් පෙළගැස්මක් නිර්මාණය කළෙමු. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට බෙහෙවින් ම ගැලපෙන පරිදි, ජීවන රටාවන් කේන්ද්‍ර කරගත් දීමනා ලබා දීමෙන්, මෙසේ අපි අපගේ ගනුදෙනුකරුවන්හට හුදෙක් ගනුදෙනු පහසුකම් සලසා දීමෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ උත්සව සමයේ සැමරුම්වල ප්‍රීතිය, පහසුව සහ සමෘද්ධිය ඇතිකර ගැනීම වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වන්නෙමු.”
මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ වීසා, මාස්ටර්කාඩ්, UnionPay සහ LankaPay JCB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට විවෘත වන අතර වැඩසටහනට සහය දක්වන වෙළෙඳුන්ගෙන් අදාල පරිදි මෙම වට්ටම් ලබාගත හැකි වේ. ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ගෘහස්ථ විදුලි උපකරණ මිලදී ගැනීමේදී පහසු ගෙවීමේ ක්‍රම වලට ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන අතර ‘Call & Convert’ පහසුකම හරහා බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා, සුදුසුකම් ලත් මිලදී ගැනීම්, මාසික වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයකට පරිවර්තනය කර ගත හැක. ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට ඔවුන් සඳහා ම සැකසූ විශේෂිත දීමනා හරහා මෙම උත්සව සමයේ පිරිනමන ප්‍රතිලාභ තවත් වැඩි වනු ඇත.
මෙම වැසටහනට සම්බන්ධ වෙළඳ ආයතන සහ ප්‍රවර්ධන දීමනා පිළිබඳ වැඩිදුර විස්තර බැංකුවේ වෙඩ් අඩවියෙන් (www.combank.lk) හා එහි සමාජ මාධ්‍ය නාලිකා හරහා ලබාගත හැක. වැඩි විස්තර සඳහා 1316 අංකය ඔස්සේ බැංකුවේ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය ද සම්බන්ධ කරගත හැක. කොන්දේසි සහිතයි.






















