April, 19, 2021
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙසින් වාර්තා වී තිබේ.
2021 මාර්තු 15 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 200.00 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එසේම 2021 ජනවාරි 08 දිනෙන් පසු වාර්තා වූ පහළම විකුණුම් මිල ද මෙය වේ.
ඉතිහාසයේ ඉහළම අගය සටහන් කරමින් පසුගිය අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් දක්වා ඉහළ ගිය අතර ඊට පසු දින එනම් අප්‍රේල් 16 දින එම අගය රු. 201. 28 ක් දක්වා වාර්තා ගත ලෙස පහළ ගියේය. විශ්ලේෂකයින් පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද ඒක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම රුපියල කෙරෙහි ඇති කරන ලද විදේශ විනිමය පීඩනය යම්තාක් දුරකට පාලනය වීම මෙලෙස රුපියල අතිප්‍රමාණය වීමට හේතු වී ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි අප්‍රේල් 16 දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2021 වසර තුළ දී සියයට 6.8කින් අවප්‍රමාණය වී තිබේ.
| Date | Buy Rate (LKR) | Sell Rate (LKR) |
|---|---|---|
| 2021-04-19 | 187.9300 | 191.9700 |
| 2021-04-16 | 195.7200 | 201.2800 |
| 2021-04-15 | 199.8080 | 204.6280 |
| 2021-04-12 | 199.1500 | 203.7300 |
| 2021-04-09 | 199.0400 | 203.5900 |
| 2021-04-08 | 199.2100 | 203.5000 |
| 2021-04-07 | 198.5600 | 202.8800 |
| 2021-04-06 | 198.0000 | 202.7000 |
| 2021-04-05 | 197.2500 | 201.9500 |
| 2021-04-01 | 197.0000 | 202.1000 |
| 2021-03-31 | 197.6200 | 202.0400 |
| 2021-03-30 | 196.8300 | 201.9300 |
| 2021-03-29 | 197.2800 | 201.7700 |
| 2021-03-26 | 196.7200 | 201.6000 |
| 2021-03-25 | 196.4100 | 201.0100 |
| 2021-03-24 | 196.9248 | 201.1935 |
| 2021-03-23 | 196.3948 | 200.8635 |
| 2021-03-22 | 195.3773 | 200.0401 |
| 2021-03-19 | 195.2800 | 200.1900 |
| 2021-03-18 | 195.3045 | 201.5005 |
| 2021-03-17 | 197.5800 | 201.7500 |
| 2021-03-16 | 195.2800 | 200.0600 |
| 2021-03-15 | 194.4280 | 198.9640 |
| 2021-03-12 | 194.4440 | 198.8740 |
| 2021-03-10 | 194.3740 | 198.6620 |
| 2021-03-09 | 194.3540 | 198.6820 |
| 2021-03-08 | 194.0460 | 198.5760 |
| 2021-03-05 | 194.0100 | 198.3400 |
| 2021-03-04 | 193.9400 | 198.2700 |
| 2021-03-03 | 193.9900 | 198.3200 |
| 2021-03-02 | 192.4900 | 197.3200 |
| 2021-03-01 | 192.0100 | 197.0500 |
Video Story