අධි වේගයෙන් ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ මද වේගයෙන් පහළට

    August, 30, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙම වසරේ තෙවැනි වතාවටත් ඒකක 9,000 සීමාව පසුකර ගොස් යළිත් ඉන් පහළට පැමිණි අයුරු අද (30) දින දැක ගත හැකිවිය.

    අද දින ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු කිහිපය තුළ දී ඒකක 9,100 සීමාව ඉක්මවා යාමට ද සියලු කොටස් මිල දර්ශකය සමත්වුණි.

    කෙසේවෙතත් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 36.89 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වුණු අතර S&P SL20 දර්ශකයේ ඒකක 42.16 ක පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,894.44 ක් හා S&P SL20 දර්ශකය ඒකක 3,303.09 ක් ලෙසින් මේ අනුව සටහන් වුණි.

    අඛණ්ඩව වර්ධනය වෙමින් තිබුණු සියලු කොටස් මිල දර්ශකය මෙලෙස පහළ යන ප්‍රවණතාවයක් වාර්තා කළේ දින 5කට පසුව වීම විශේෂත්වයකි.

     

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළයාමට ප්‍රධාන වශයෙන් ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී හි කොටස් මිල පහළ යාම හේතුවූ නමුත් LOLC සමූහයේ LOLC හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි සමාගම්වල කොටස් මිල ඉහළ යාම් මිල දර්ශක කෙරෙහි ධනාත්මක දායකත්වයක් ලබාදුනි.

    රු. බිලියන 12.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

    මේ අතර අද දිනයේ දී අන්තර්ජාල ගනුදෙනු සේවා සැපයුම් පද්ධතියක දෝෂ වාර්තා වීම හේතුවෙන් බොහෝ ආයෝජකයින් සිය ඇණවුම් යොමු කිරීමේ දී ගැටළුවලට මුහුණු දුන් බවත් වාර්තා වී ඇත.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates