අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයේ වෙනසක්

    April, 19, 2021

    භාණ්ඩ අපනයනකරුවන්ගේ ලද ඉල්ලීම් සලකා බලා 2021.03.09 දින ප්‍රසිද්ධ කරන ලද අංක 2218/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය, මුදල් මණ්ඩලය විසින් පහත පරිදි සංශෝධනය කර තිබේ.

    (අ) භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය සියයට 25 සිට සියයට 10 දක්වා අඩු කිරීම. සහ

    (ආ) ඉහත අවශ්‍යතාවය අනුව, භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය, දින 14 සිට දින 30 දක්වා දීර්ඝ කිරීම. කෙසේ වෙතත් ඒම පරිවර්තනය කරන දිනය, නැව්ගත කළ දින සිට දින 180 පසු දිනයක් නොවිය යුතුය.