August, 4, 2021
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Sri Lanka Export Development Board) තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශය සඳහා වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්මක් (Vocational Education Training Plan) සකස් කර තිබේ. මෙම වාර්තාව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් දයානාත් ද මෙල් මහතාට සහ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමයේ (SLEMEA) සභාපති මංජුලාල් වාස් මහතා වෙත පසුගිය 9 වනදා ඉදිරිපත් කරන ලදී. විදුලි හා ඉලෙක්ට්‍රොනික (Electrical and Electronics sector) අංශය සංවර්ධනය කිරීම මගින් ජාතික අපනයන උපායමාර්ගයට සහාය වීම සඳහා විදුලි හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය දියුණු කළ යුතුය. මේ සඳහා EDB සහ TVEC එක්ව අරමුදල් සපයන ලදී. ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමය (SLEMEA) මෙම වාර්තාව සකස් කිරීම සඳහා සිය සහයෝගය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශය ජාතික අපනයන උපායමාර්ගයේ ප්‍රධාන අංශයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම කර්මාන්තය රටේ හත්වන විශාලතම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම් උපයන්නා (ලෝක අපනයනයෙන් 0.012%) වන අතර සමාගම් 85 කට වැඩි සංඛ්‍යාවක් සහ සේවකයින් 35000 කට අධික සංඛ්‍යාවක් සිටී. මෙම අංශය ප්‍රධාන වශයෙන් මෝටර් රථ, විදුලි සංදේශ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, කාර්මික ස්වයංක්‍රීයකරණය සහ වෛද්‍ය අංශය සඳහා පහසුකම් සපයයි.
මීට පෙර වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්ම(VET) තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් 2012 දී සංවර්ධනය කරන ලද අතර එය දේශීය කර්මාන්ත අංශයට පමණක් සීමා විය. එබැවින් EDB හි සහාය ඇතිව, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් 2021-2025 දක්වා ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන හා අපනයන කර්මාන්තය සඳහා වසර 5 ක් සඳහා වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්මක් (VET) යාවත්කාලීන කරන ලදී. මෙම ක්ෂේත්රයේ අධ්‍යාපනය ලැබීමට තරුණයින් දිරිමත් කිරීම මගින් ශ්‍රමිකයින්ගේ හිඟය පියවා ගැනීම. දේශීය හා විදේශීය රැකියා සඳහා නිපුණතා සැපයීම හා ඉල්ලුම, නිපුණතා හිඩැස් සහ පුහුණු අවශ්‍යතා, නිපුණතා විශ්ලේෂණය සහ අනාගත ප්රවණතා, මෙන්ම ඉදිරි වසර පහ සඳහා අධීක්ෂණ හා ක්‍රියාත්මක කිරීම් ආදිය මෙම සැලැස්ම මගින් හඳුනාගෙන ඇත.
ජාතික අපනයනයට සහාය වීම සඳහා කර්මාන්තයේ විකුණුම් සහ ලාභය ගොඩනැගීම සඳහා ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන අංශයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අර්ධ නිපුණතා සහ නිපුණ වෘත්තිකයින්ගේ සැපයුම මෙමගින් වැඩිදියුණු කරනු ඇත. මෙම ක්‍රියාවලියේදී, ජාතික අපනයන උපායමාර්ගයෙහි (NES) හි දක්වා ඇති පරිදි අධ්‍යයන හා වෘත්තීය හැකියාවන්ගෙන් ශක්තිමත් වන මානව සම්පත් සංචිතයක් ගොඩනැගීමට කර්මාන්තය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශයේ අභිවෘද්ධිය උදෙසා මෙම අධ්‍යයනය තුළින් ඉදිරි පස් වසර සඳහා කර්මාන්තයේ වර්තමාන මානව සම්පත් අවශ්‍යතා වැඩිදියුණු කිරීම සදහා ඉදිරි පස් වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අදාල ආයතනය සමීපව කටයුතු කරනු ඇත. .
Video Story