May, 11, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2026 අප්‍රේල් මාසයේ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12.9ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති බව වාර්තා වේ. අප්‍රේල් මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 83ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 95.9ක් අලෙවි කර තිබේ.
2026 මාර්තු මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 120.3ක් වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර ඩොලර් මිලියන 71.5ක් අලෙවි කර තිබුණි.
මේ අතර 2026 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 209.8ක් මහ බැංකුව විසින් මිල දී ගෙන තිබුණි. ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 9.5ක් පමණක් වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබුණු අතර 2026 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 461ක් මිල දී ගෙන තිබුණි. එම මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් විකිණීමක් සිදුකර තිබුණේ නැත.
මෙලස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ශුද්ධ වශයෙන් ඩොලර් අලෙවි කිරීමක් වාර්තා වන්නේ 2023 අගෝස්තු මාසයෙන් පසුවය. 2023 අගෝස්තු මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 296.5ක් වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර ඩොලර් මිලියන 467ක් විකුණා තිබුණි.
Video Story