අප්‍රේල් සිට අන්ලිමිටඩ් ඩේටා

    March, 19, 2021

    2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී තිබේ.

    ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ මේ වන විට ක්රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්රියාවලියක යෙදී සිටින බවයි.

    2021 අප්රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම්, පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකි බව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.