අමල් සඳරත්න සමුගනී

    July, 24, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අර්ථ ශාස්ත්‍රඥයෙකු වූ අමල් සඳරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඒ මහතා 47 වැනි වියෙහි පසුවිය.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research හි නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ අමල් සඳරත්න මහතා අර්ථ ශාස්ත්‍රඥයෙකු, ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස මෙරට සහ ජාත්‍යන්තර ආයතන කිහිපයකටම සිය සේවාවන් ලබා දී ඇත.

    ඊයේ (23) පස්වරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් අමල් සඳරත්න මහතාට මෙලෙස සිය දිවියට සමුදීමට සිදුව තිබේ.