අරවින්ද ද සිල්වා හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

    May, 13, 2026

    ඇම්බියන් කැපිටල් පීඑල්සී විසින් සිය අනුබද්ධිත සමාගමක් වන Ambeon Essentials (Private) Limited හරහා හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමෙන් පසු ඊයේ (12) දින සිට බලපැවැත්වෙන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

    ඒ අනුව ඇම්බියන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සුජීව මුදලිගේ, වෛද්‍ය සජීව නාරාංගොඩ (විධායක අධ්‍යක්ෂ) සහ සවන්ත් සෙබස්තියන් යන අය හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්වීම් ලැබ ඇත.

    මීට අමතරව Ambeon Essentials (Private) Limited නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව එහි ලේකම් සමාගම වන CORPORATE SERVICES (PRIVATE) LIMITED විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates