ආණ්ඩුවේ බැංකුවේ ඩොලරය රු. 206.50 යි – හර්ෂ ද සිල්වා

    April, 20, 2021

    රජයේ වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ අද (20) සවස වන විට ඩොලරයක මිල ‌රු. 206.50 ක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ඒ් සමඟම තවත් වාණිජ බැංකු කිහිපයක් විසින් අද දින නිකුත් කර ඇති ඩොලරයේ වටිනාකම් සඳහන් ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

    මෙහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

    "මුල්‍ය වෙළෙඳපොළ සම්බන්ධයෙන් ඉන්න රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා ඊයේ ට්විටර් පණිවුඩයක් ගහලා තියෙනවා මෙන්න මෙහෙම, SL Rupee further appreciated against US Dollar today. Current buying and selling rates of US Dollar are Rs.187.93 & 191.97 respectively - CBSL We are a Government that does what it says. දාලා ටැග් කරලා තියෙන්නේ මාවයි, ෆිච් රේටිංග්ස් ඒකයි. මූඩීස්  ඒකයි.මේකෙන් කියන්නේ රජය වැඩ කරන රජයක්. බලන්න අපි කිව්වා රුපියල ශක්තිමත් කරනවා කියලා, අද ‌‌රුපියල 191.97 යි. අද නෙමෙයි ඊයේ. මේ ඊයේ. අද උදේ වෙළෙඳපොළ විවෘත කරන කොට රුපියල ඩොලර් ඒකට සාපේක්ෂව රුපියල රුපියල් 192 යි. "

    "මේ දැන් (වෙලාව) 3.20 යි, HNB බැංකුව ඩොලර් ඒක රුපියල් 208යි. කොමර්ෂල් බැංකුව ඩොලරයට රු. 206 යි. ඊළඟට තියෙනවා මහජන බැංකුව ඩොලරය රු. 206.50 යි. මම දන්නේ නැහැ. මට වෙලාව තිබුණේ නැහැ මේක හොයන්න. සමහර විට ලංකා ඉතිහාසයේ වෙළෙඳපොළක, ඒ් කියන්නේ රජයක් විසින් අවප්‍රමාණය කිරීමක් නෙමෙයි. It's not a devaluation. devaluations have happened. Devaluation කියන්නේ ඇමතිවරයා තීරණයක් ගන්නවා අද රුපියල මෙන්න මේ ප්‍රමාණයට ඩොලරයට සාපේක්ෂව, හෙට මෙන්න මේ ප්‍රමාණයට කියලා. ඒ් වගේ බජට් ඒකේ තීරණයක් ගත්තා ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට, මං හිතන්නේ 2012. ඊට පස්සේ Devaluation ඒකක් වෙලා නැහැ. මේක Depreciation ඒකක්.   ඒ කියන්‌නේ වෙළෙඳපොළේ රුපියලේ අගය 192 න් පටන් ගත්තේ අද උදේ 9 ට. අද හැන්දෑවේ තුනහමාර වෙන කොට 208 යි."

    "ආණ්ඩුවේ බැංකුවේ රුපියල් 206.50 යි. ඒ් කියන්නේ 192 න් පටන් ගත්තොත් රුපියල් 14 ක් අවප්‍රමාණය වෙලා. අපි අහන්න කැමතියි මොකක්ද මේ වෙන්නේ?"