ආදායම ලක්ෂයට වඩා වැඩි නම් සියයට 5ක බද්දක්. යෝජනාව ඇමති බන්දුලගෙන්

    September, 13, 2021

    කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඊයේ (12) දින විකාශය වූ අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    "අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ, ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් ", යැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    Video Story

    Stock Market

    Exchange Rates