ඇමති බන්දුලගෙන් පොල්තෙල් වෙනුවට ආදේශකයක්

    March, 26, 2021

    පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (26) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට“, යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසයී.