ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය අධාර යටතේ මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර හතකට ශ්‍රී ලංකා@100 සහය

    February, 15, 2021

    ඇමරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකා@100 (SL@100) ව්‍යාපෘතිය, ඉහළ වර්ධන විභවයක් ඇති මධ්‍යම පරිමාණ සමාගම් හතක් මෙම වැඩසටහනේ පලමු වටය සඳහා තෝරා ගෙන ඇත. මධ්‍ය පරිමාණ සමාගම්වල වර්ධනයට, ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම තුලින්  අත දෙන ප්‍රමුඛ වැඩසටහනක් වන SL@100, මෙම සමාගම් හතේහි මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, ලාභදායිතාවය ඉහළ නැංවීම සහ වෙළඳපල පුළුල් කිරීම වැනි අංශ දියුණු කිරීමට කටයුතු කරයි.

    “මෙම සමාගම් හත, ඔවුන්ගේ වර්ධනය කරා යන ගමන සඳහා, ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබන පළමු සමාගම් සමූහය වෙනවා” යනුවෙන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) මෙහෙයුම් අධ්‍යක්ෂ රීඩ් ඒෂ්ලිමන් මහතා පැවසීය. “ශ්‍රී ලංකාවේ මධ්‍ය පරිමාණ සමාගම්වල වර්ධනය සඳහා ඔවුන්ට අත්‍යවශ්‍ය ව්‍යාපාර උපදේශන සේවාවන් සැපයීම මගින්, SL@100 ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිවර්තනයකට මග පාදයි.

    ස්ටැක්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ SL@100 හි සම-නිර්මාතෘ ආචාර්ය කුමුදු ගුණසේකර මහතා පැවසූවේ ශ්රී ලංකාවේ වර්ධනය බොහෝ දුරට රඳා පවතින්නේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සහ ඔවුන්ගේ වර්ධන මාවත වේගවත් කිරීමට ඇති හැකියාව මතයි. අප වෙත  අයදුම් කළ සමාගම්වල ගුණාත්මකභාවය සහ ඔවුන් ව්යාපාර වර්ධනය කර ගැනීමට ඇති දැඩි උවමනාව ගැන මට ලොකු සතුටක් දැනෙනවා. ” නිදහස ලබා වසර 100 ක් ඇතුළත ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීම සඳහා වන ඉලක්කයට සහාය දැක්වීම සඳහා, සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන SL@100 වැඩසටහන පසුගිය 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලදි. මධ්‍ය පරිමාණ සමාගම්වල අලෙවිකරණය, මෙහෙයුම්, මූල්‍ය කළමනාකරණය, අපනයන, සහ ප්‍රාග්ධනය ප්‍රවේශය වැනි අංශ හි ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා සඳහා ව්‍යාපාර උපදේශකයින්, ආයෝජකයින් සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් එක වේදිකාවකට ගෙන ඒම මෙම වැඩසටහනේ අරමුණකි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අතදීම සඳහා SL@100 තුලින් වසරකට දෙවරක් මෙලෙස සමාගම් සමූහය තෝරා ගනු ලැබේ  SL@100 හි සම-නිර්මාතෘ සහ ස්ටැක්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ රුවිඳු පීරිස් මහතා මෙම සමාගම් විසින් කළ ප්‍රශංසනීය ඉදිරිපත් කිරීම් සිහිපත් කරමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ දක්ෂතාවය සහ අපගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට ඇති අරමුණ පිළිබිඹු කරන මෙම සමාගම් සමඟ හවුල් වීමට ලැබීම සතුටට කරුණකි බවයි”.