ඔක්තෝබර් 01 සිට තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් ගාස්තු වැඩිවෙන්න හේතුව මෙන්න

    September, 21, 2021

    තුන්වන පාර්ශවයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1% ක බද්ද 2021 ඔක්තෝබර් 01 දින සිට 2% ක් දක්වා ඉහළ දමා තිබේ.

    මීට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (17) නිකුත් කර ඇත.

    මාර්ග ආරක්ෂා අරමුදල මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදල් සපයනු ලබන අතර තුන්වන පාර්ශවයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් 1% ක මාර්ග ආරක්ෂණ බද්දක් මේ දක්වා අයකරන ලදී. එම අයකරන බදු මුදල මාසිකව මෙම අරමුදලට අදාල රක්ෂණ ආයතනය විසින් බැර කෙරේ.

     

    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ අරමුණු

    • විනය ගරුක හා නීති ගරුක රියදුරන් බිහි කිරීම තුළින් ඉහළ ගුණාත්මක රියදුරු සේවාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම.
    • හප්පා පලා යෑම නිසා වින්දිත වූ පවුල් සඳහා මූල්‍යාධාර ලබා දීම සහ එවැනි අනතුරු අවම කිරීමට ක්‍රියා කිරීම.
    • මාර්ගය සහ එය භාවිතාකරන වාහන හා ගමන් ගන්නා මගීන් ඇතුළු පදිකයින්ගේ ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හදුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරිම.
    • මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත එක් රැස් කිරීම, සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම සහ අන්තර් ජාතික සම්බන්ධීකරණය වර්ධනය කර ගැනීම.
    • රාජ්‍ය අංශය‚ රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ජාතික මාර්ග ආරක්ෂණ ප්‍ර‍තිපත්ති ක්‍රියාවට නැංවීම හා පැන නැගෙන දුර්වලතා අවම කර ගැනීම.
    • මාර්ග අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
    • ආර්ථික තාක්ෂණික සහ සමාජීය වශයෙන් ක්‍රියාත්මක කලහැකි ක්‍රියාකාරකම් සහ පරිසර හිතකාමී ආරක්ෂිත පියවරවල් අනුගමනය කිරීම සඳහා මූල්‍යාධාර සහ උපදෙස් ලබාදීම.
    • ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය සැකසීමට හා එහි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දීම.
    • මාර්ග ආරක්ෂාවට අදාළ නීති සැකසිම සංශෝධනය වැනි ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම.