August, 6, 2021
ජාත්‍යන්තර සිසුන්ට සහ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වෙමින් රැකියා කරන පුද්ගලයින්ට ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් මෙවර මද වශයෙන් වෙනස් කර තිබේ.
SBS සිංහල - ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination program හෙවත් නිපුණතා වීසා වැඩසටහන අගෝස්තු 04 සිට විවෘත කර තිබේ.
ඒ අනුව ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination සඳහා අයදුම් කිරීමට සැපිරිය යුතු සුදුසුකම් සහ අවශ්‍යතා මේ වන විට නිවේදනය කර ඇත.
මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.
2021/22 වසරේ ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 3,300 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.
190 වීසා ඛාණ්ඩය සඳහා 1,100 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 2,200 ක කෝටාවක් ද මෙවර ටස්මේනියා ප්‍රාන්තය වෙත පිරිනමා ඇත.
එම කෝටාවෙන් 500 ක් පමණ 2020/21 skilled visa nomination වැඩසටහන් වර්ෂයේ සිට යොමු කරන ලද අයදුම්පත් සඳහා භාවිතා කිරීමට අපේක්‍ෂා කරන බව ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර සිසුන්ට සහ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වෙමින් රැකියා කරන පුද්ගලයින්ට ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් පහත පරිදි වේ.
මෙම ඛාණ්ඩය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ රැකියාවක නියුතු වීම අවම අවශ්‍යතාවක් නොවන නමුත් අයදුම්පත ඇගයීමේදී රැකියා හෝ ව්‍යාපාරික කටයුතු පිළිබඳ පහත සඳහන් සාක්ෂි සැලකිල්ලට ගනු ඇත:
ටස්මේනියානු නිපුණතා රැකියා ලැයිස්තුවේ රැකියාවක් සඳහා skill assessment එකක් ඇති අයදුම්කරුවන් අවම වශයෙන් මාස තුනක් හෝ අදාළ රැකියාවේ සේවය කිරීමෙන් පසු 491 වීසා උප කාණ්ඩය සඳහා සුදුසුකම් ලබයි.
මේ අතර දැනට 482 හෙවත් Temporary Skill Shortage වීසා බලපත්‍රයක් ඇති සහ ටස්මේනියානු ප්‍රාන්තය පදනම් කරගත් අනුග්‍රාහක සේවායෝජකයා (sponsoring employer) සමඟ මාස 12 කටත් අඩු කාලයක් රැකියාව කර ඇති අයදුම්කරුවන් ඔවුන්ගේ වර්තමාන අනුග්‍රාහක සේවායෝජකයාගෙන් තම රැකියාව සඳහා සහය දක්වන ලිපියක් ලබා දිය යුතුය.
මෙම වැඩසටහන මගින් ටස්මේනියානු ව්‍යාපාර සඳහා සහය වන අතර ප්‍රාන්තයේ ශ්‍රම බලකාය ද ඉහළ දමයි.
මෙම වැඩසටහන සඳහා අයදුම්කරන අයදුම්කරුවන්ගේ අයදුම්පත් සලකා බැලීමේදී සහ ඔවුන්ට වීසා පිරි නැමීමෙදී ප්‍රමුඛතාව ලබාදෙන අයුරු පහත පරිදි වේ;
මෙම වෘත්තීන්ට පහත ආකාරයේ පුද්ගලයින් ඇතුළත් වේ:
සිල්ලර වෙළෙන්දන්, අස්වනු නෙලීමේ සේවකයින්, භාණ්ඩ බෙදා හැරීමේ රියදුරන් හෝ ගබඩා සේවකයින් වැනි පහළ නිපුණතා සහිත රැකියාවන් තීරණාත්මක වෘත්තීන්ට ඇතුළත් නොවේ.
මෙම ලිපිය SBS සිංහල සේවය වෙතින් උපුටා ගන්නා ලද්දකි.
Video Story