June, 5, 2026
පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගම ඊට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ද ඉහළ යාම් වාර්තා වී තිබේ.
එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් අයකරනු ලබන පොලී අනුපාතිකයන් ද මේ වන විට ඉහළ නැංවීමට ඇතැම් බැංකු විසින් මේ වන විට පියවර ගෙන ඇත.
ඒ අනුව මේ දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් 26%ක් වූ වාර්ෂික පොලී අනුපාතිකය එළඹෙන ජූලි 01 දින සිට 28%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ඇතැම් බැංකු විසින් මේ වන විටත් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2025 වසර අවසානය වන විට මෙරට මුළු සක්‍රීය කෙඩිඩ් කාඩ්පත් ප්‍රමාණය 2,166,186ක් වූ අතර එය 2026 පළමු කාර්තුව අවසන් වන විට කාඩ්පත් 2,215,853ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
එසේම මෙම කාඩ්පත් සඳහා 2025 දෙසැම්බර් 31 වන විට තිබුණු නොපිය වූ ශේෂය රු. මිලියන 189,706ක් වූ අතර එය 2026 මාර්තු 31 වන විට රු. මිලියන 194,105ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

Video Story