කොටස් මිල දී ගන්න මෙය හොඳම කාලයයි – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    March, 5, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද සිට ට්විටර් ගිණුමෙහි විශේෂ සටහන් කිහිපයක් තබා ඇත. මෙම වසර තුළ දී සමාගම් බොහොමයක ක්‍රියාකාරීත්වය නියත වශයෙන්ම ඉහළ යනු ඇති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටී.

    සමස්ත වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාත (P/E) අගයයන් පහළ මට්ටමක පවතින බවත්, පොලී අනුපාත පහළ ගොස් ඇති මෙම වකවානුවේ දී කොටස් මිල දී ගැනීමට හෝ තිබෙන කොටස් රඳවා තබා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් රාජ්‍ය අමාත්‍යවාරයා මෙහිදී පෙන්වා දේ.

     

    මේ අතර තැරැව්කාර සමාගම් විසින් කොටස් ආයෝජකයින් හට ආන්තික ණය පහසුකම් ලබා දීම් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ට්විටර් සටහනක් තබමින් පවසන්නේ එය සම්පූර්ණ ආයෝජන කළඹ මත පනම්ව සිදුවිය යුත්තක් මිස තනි තනි සමාගම් කොටස් මත පදනම්ව සිදුවිය යුත්තක් නොවන බවයි.

     

     

    එමෙන්ම මේ අවස්ථාවේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 3 ක් වුවද එය මධ්‍ය කාලයේ දී රු. ට්‍රිලියන 4.5 ඉක්මවා යා යුතු බව ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.