කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු ප්‍රමාදය සිදු නොවිය යුත්තක්. වහාම ඒ ගැන සොයා බලනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    August, 16, 2021

    කොළඹ ‌‌කොටස් වෙළෙඳපොළ අද (16) දින ගනුදෙනු සඳහා මෙතෙක් විවෘත නොවීම සිදු නොවිය යුත්තක් බවත් ඒ පිළිබඳව වහාම සොයා බලන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දෙරණ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ අද පෙරවරුවේ ඒක් වූ අවස්ථාවේ දී සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    ප්‍රශ්නය - සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 11.00 ට දෛනික ගනුදෙනු සඳහා විවෘත කෙරෙනවා. නමුත් අද දින මේ දක්වා කොටස් ‌වෙළෙඳපොළ විවෘත වෙලා නැහැ. තාක්ෂණික දෝෂයක් නිසා කියලා මෙහෙම වුණා කියලයි කියන්නේ. රටේ ඒකම කොටස් වෙළෙඳපොළට මෙහෙම වෙන්න පුළුවන්ද?

    රාජ්‍ය අමාත්‍ය  අජිත් නිවාඩ් කබ්රාල් - ඒහෙම වෙන්න බැහැ. ඒහෙම තියෙනවා නම්, ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඔ්නේ. මම ඒ ගැන හොයලා බලනවා. සියලු මුදල් ගනුදෙනු කෙරෙන්නේ මහ බැංකුවේ RTGS පේමන්ට් සිස්ටම්ස් හරහා. ඒතන දී විනාඩියක ඇණහිටීමක්වත් නොවීමට අපි වගබලා ගත යුතුයි යන ප්‍රමිතිය තමයි අපි ඒතනදී තියෙන්නේ. මෙතනදීත් ඒහෙම ප්‍රමිතියක් තියෙන්න අවශ්‍යයි. මම මේ ගැන හොයලා බලනවා. මේක සිදු නොවිය යුතු දෙයක්. හැම තිස්සේම තාක්ෂණිත පැත්තෙන් ඒ් අය සූදානම් වෙන්න අවශ්‍යයි. මෙය පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මෙහෙම දෙයක් සිදුවෙනවා නම්, ඇයි ඒය සිදුවුණේ, ඒය ඉදිරියේ දී නොවෙන්නට අපි වගබලා ගන්න ඔ්නේ. ඒ් ගැන හොයලා බලලා අපි ක්‍රියාත්මක වෙනවා.

    තාක්ෂණික අපහසුතා මත ඒක් තැරැව්කාර සමාගමකට ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (16) දින පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර මධ්‍යහ්න 12.00 පසුවන තුරුත් ඒය යථා තත්ත්වයට පත් වී නොතිබිණි.