කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්. සියලු කොටස් ඒකක 239 කින් ඉහළට

    August, 23, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 239.59 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,479.65 ක් ලෙසින් වාර්තා වූ අතර ඒය 2.91% ක ඉහළ යාමක් වේ.

    රු. බිලියන 10.8 ක දෛනික පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර ඒහිදී කැපී පෙනෙන කාරණය වූයේ සමස්ත පිරිවැටුමෙන් රු. බිලියන 4 ක්ම ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා වාර්තා වීමයි. ඒසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.14 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.