කොටස් වෙළෙඳපොළේ සුළු පසුබැස්මක්. පිරිවැටුම රු. බිලියන 5ට ආසන්න වෙයි

    May, 11, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල සුළු පහළ යාමක් අද (11) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිලු දර්ශක අගය ඒකක 52.26කින් පහළ ගොස් ඒකක 23,011.72ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 19.22කින් පහළ ගොස් ඒකක 6,300.02ක් ලෙසින් සටහන් විය.

    අද දිනයේ දී රු. බිලියන 4.92ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.26ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.86ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    මේ අතර දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 661ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 64ක් ලෙසින් වාර්තා වී තිබුණේ රු. මිලියන 597ක ශුද්ධ විදේශීය ගලා ඒමක් සටහන් කරමිනි.

    ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු ද සමඟින් සෙලාන් බැංකුවේ රු. බිලියන 2.78ක කොටස් හුවමාරු වී තිබීම දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.