කොටස් වෙළෙඳපොළ ඒකක 50කින් ඉහළට

    June, 18, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි ඉහළ යාමක් අද (18) දිනය තුළ වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 50.23කින් සහ S&P SL20 දර්ශක අගය ඒකක 16.06කින් ඉහළ යන ලදී.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,436.14ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,226.78ක් ලෙසත් සටහන් විය.

    රු. බිලියන 3.12ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබුණි.