කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

    September, 8, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි සීඝ්‍ර පහළ යාමක් අද දිනයේ දී වාර්තා විය. මේ අනුව සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 3.61%කින් හෙවත් ඒකක 328.53 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය මේ අනුව ඒකක 8,764.21 ක් ලෙසින් සටහන් විය.

    පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍ර මිල වර්ධනයක් වාර්තා කරන ලද සමාගම් කොටස් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල් සී හා LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී යන සමාගම් හි කොටස් මිල ගණන් පහළ යාම් මිල දර්ශක පහළ යාම කෙරෙහි වැඩි වශයෙන් බලපාන ලදී. මීට අමතරව LOLC සමූහයේ ම තවත් සමාගම් ත්‍රිත්වයක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හා කොමර්ෂල් ලීසිං යන සමාගම්වල කොටස් මිල අඩුවීම් ද සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි බලපෑමක් එල්ල කළේය.

    අද දිනයේ දී රු. බිලියන 10.43 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි රු. බිලියන 3.67 ක හා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි රු. බිලියන 2.15 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දීමට සමත් වී තිබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates