කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු වෙනසක් සිදුනොවුණු දවසක්

    May, 12, 2026

    අද (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. ඒ අනුව ප්‍රධාන මිල දර්ශකවල සැලකිය යුතු වෙනස් වීමක් දිනය අවසානයේ දී දක්නට නොවීය.

    දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.60කින් ඉහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 5.71කින් පහළ ගොස් තිබුණි.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,015.32ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,294.31ක් ලෙසත් සටහන් විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.66ක් ලෙසින් වාර්තා වේ.