කොටස් වෙළෙඳපොළේ අද දැවැන්ත කඩා වැටීමක්

    May, 20, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද(20) දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 509.02කින් පහළ ගොස් ඒකක 21,789.05ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.77කින් පහළ ගොස් ඒකක 6,034.00ක් ලෙසින් දිනයේ ගණුදෙනු අවසානයේ දී වාර්තා විය.

    අද සමාගම් 229ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබූ අතර මෙල්ස්ටාකෝප්, සම්පත් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලින්කෝ හෝල්ඩිංග්ස් සහ HNB යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුමක් දැක්වුනේ රු. බිලියන 4.80ක් ලෙසයි.