කොටස් ‌වෙළෙඳපොළ අතරමග නවතී. අදත් තාක්ෂණික දෝෂයක්

    September, 13, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.13 සිට අඩාල වී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් ‌වෙළෙඳපොළ පවසන්නේ SLT Datacenter හි දෝෂයක් මීට හේතු වී ඇති බවයි.

    "Due to connection stability issues experienced at the SLT Datacenter, which has resulted in slowness in the Broker Systems hosted in SLT, the market has been halted for approximately 15 minutes in order to switch connectivity to a backup connection."

    තාක්ෂණික අපහසුතා මත එක් තැරැව්කාර සමාගමකට, ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය අගෝස්තු (16) දින පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර පැයකට අධික කාලයක් යනතුරුත් එය යථා තත්ත්වයට පත් වී නොතිබිණි.

    එසේම තැරැව්කාර සේවා පද්ධතියක බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය ජනවාරි 29 දින පස්වරු 12.07  සිට පස්වරු 12.45 දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අඩාල වී තිබුණි.