කොමර්ෂල් බැංකුව සහ CBB බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා ප‍්‍රවර්ධනය කරයි

    September, 23, 2021

    කොමර්ෂල් බැංකුව, කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් (CBB) සමඟ සහයෝගිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කටාර් සහ සිංගප්පූරුව වැනි රටවල ව්‍යාපාර ප‍්‍රවර්ධනය කරන්නන් 290කට අධික සංඛ්‍යාවක් සඳහා ‘මහා බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා’ නමින් නොමිලේ වෙබ් සම්මන්ත‍්‍රණයක් පසුගිය දා පැවැත්වීය.

    ‘සූම්’ හරහා ක‍්‍රියාත්මක වූ පැය දෙකක වෙබ් සම්මන්ත‍්‍රණය, දැනට අපනයනය කරන සහ භාණ්ඩ හා සේවා එක්සත් රාජධානියට අපනයනය කිරීමට උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට ප‍්‍රතිලාභ ලබා දුන් අතර බි‍්‍රතාන්‍යය වෙළෙඳපොල ගැන අවබෝධයක් මෙන්ම ඔවුන්ට විවරව ඇති විවිධ අවස්ථා මාර්ග පිළිබඳව ද පෙන්වා දුනි.

    මෙම වෙබ් සම්මන්ත‍්‍රණය කමිටු සාකච්ඡාව සහ දේශනවලට අමතරව ප‍්‍රශ්නෝත්තර සැසියකින් ද සමන්විත වූ අතර බැංකුව සමඟ දැනට ගනුදෙනු කරන, එක්සත් රාජධානිය සමඟ කරන ව්‍යාපාර හා සම්බන්ධ, කුඩා සහ මධ්‍ය පරිමාණ අපනයනකරුවන්, එක්සත් රාජධානියට අපනයනය කිරීමට හැකියාව ඇති අපනයනකරුවන් සහ CBB සමාජිකයන් වෙනුවෙන් මෙය සැලසුම් කර තිබිණි.

    මෙම වෙබ් සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලැබුවේ කවුන්සිල සාමාජික ටානියා වෙත්තමුනි මහත්මිය විසිනි. එක්සත් රාජධානියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් CBB හි වාණිජ කටයුතු තානාපති ආචාර්ය ලක්මිණි මෙන්ඩිස්, ශ‍්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ද මෙල් සහ කොමර්ෂල් බැංකුවේ අපනයන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කළමනාකරු ලෝරියන් සෝමනාදර් යන අයගෙන් මෙම කමිටුව සමන්විත විය. එක්සත් රාජධානිය සමඟ ව්‍යාපාරික කටයුතු කිරීමට කැමති සහ එක්සත් රාජධානිය සමඟ පවත්නා ව්‍යාපාර වඩාත් පුළුල් කිරීමට කැමති ව්‍යවසායකයන්ට වඩාත් අදාළ වූ වටිනා ඇතුළාන්ත දැනුම ඔවුහු මෙහිදී හුවමාරු කරගත්හ.

    RUCI ෆුඞ්ස් හි නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරි තානා සිවසම්බු මහත්මිය, ඕෂන්පික් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ඉර්ෆාන් තසීම් මහතා සහ යුනිවර්සල් සප්ලයි සමාගම / යුනිවර්සල් යුරෝප් සප්ලයර්ස් අධ්‍යක්ෂක චින් පෙරේරා මහතා ඔවුන් දැනට එක්සත් රාජධානිය සමඟ සිදු කරන ව්‍යාපාර, ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා සහ අභියෝග ජයගත්තේ කෙසේ ද යන්න පිළිබඳවත් අත්දැකීම් හුවමාරු කරගත්හ. සහභාගිවන්නන්ගේ අන්තර් ක‍්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සඳහා, බැංකුව චැට් බොක්ස් සහ එම අවස්ථාවේදීම මැසේජ් කිරීම සඳහා වූ විශේෂාංග සක‍්‍රීය කළ අතර එමඟින් වෙබ් සම්මන්ත‍්‍රණය අතරතුරදී ප‍්‍රශ්න සාකච්ඡා කෙරිණි. වෙබ් සම්මන්ත‍්‍රණය පිළිබඳව උනන්දුවක් දක්වන  ඕනෑම අයෙකු සඳහා එහි වීඩියෝ පටයක් මේ වන විට කොමර්ෂල් බැංකු වෙබ් අඩවිය, ෆෙස්බුක් පිටුව සහ යූටියුබ් චැනලයෙහි ප‍්‍රකාශනය කර ඇති බව බැංකුව පවසයි.

    එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාම සඳහා පහසුකම් සැළසීම සහ ප‍්‍රවර්ධනය මෙන්ම දෙරට අතර ව්‍යාපාරික සබඳතාවන් පවත්වාගෙන යාමට සහ වැඩිදියුණු කිරීම සඳහා වන කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් විසින් වෙළෙඳාම සහ ආයෝජනය පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීම ප‍්‍රවර්ධනය කරන අතර, ශ‍්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය සමඟ ව්‍යාපාරික සබඳතා වලදී දෙරටේ සාමාජිකයන්ගේ පිළිගත් නියෝජිතයෙකු ලෙස ව්‍යාපාරික ප‍්‍රජාවට සහාය වේ. මෙම ලේකම් කාර්යයාලය ලංකා වාණිජ මණ්ඩලයේ පිහිටා ඇති අතර, www.cbbsl.com හරහා එහි වෙබ් අඩවියට පිවිසිය හැක.

    පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.