June, 26, 2026
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත.
කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19 දින නිව් ජර්සි ප්‍රාන්තයේ උතුරු රදර්ෆර්ඩ් හි පිහිටි මෙට්ලයිෆ් ස්ටේඩියම් හිදී පැවැත්වෙන FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ අවස්ථාව උදා වී ඇත.
2026 වර්ෂයේ මාර්තු මස 15 සිට මැයි මස 10 දක්වා කාලය තුළ කාඩ්පත් භාවිතයෙන් සිදු කළ ගණුදෙණු පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ පැවැත්වූ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් දෙදෙනා තෝරාගනු ලැබීය. ජයග්‍රාහකයින්හට FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් දෙකක්, ඇමරිකා එක්සත් ජනපදයට යෑමට සහ ආපසු පැමිණීමට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත්, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා ඇතුළත් පුද්ගලයන් දෙදෙනෙකු සඳහා සම්පූර්ණ වියදම් ඇතුළත් රාත්‍රී හතරක සංචාරක පැකේජයක් හිමි වෙයි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, Visa සමඟ ඇති ශක්තිමත් සහයෝගීතාවය හේතුවෙන් කාඩ්පත් හිමියන්ට FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය වැනි ලෝක මට්ටමේ ක්‍රීඩා ඉසව්වක් සජීවීව අත්විඳීමේ දුර්ලභ අවස්ථාවක් ලබාදීමට හැකි වූ බවයි. කාඩ්පත් හිමියන්ගේ විශ්වාසය හා පක්ෂපාතීත්වය අගය කරමින් සාමාන්‍ය මට්ටමේ ත්‍යාගවලින් ඔබ්බට ගිය වටිනා අත්දැකීම් ලබාදීමට බැංකුව නිරතුරුවම කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
වීසා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ, කොමර්ෂල් බැංකුව සමඟ එක්ව කාඩ්පත් හිමියන්ට FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය වැනි අමතක නොවන අත්දැකීම් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවයි. එවැනි සුවිශේෂී අත්දැකීම් ජනතාවට ලබාදීම තුළින් සිය ගෝලීය ජාලය සහ හවුල්කාරීත්වයන් මඟින් ජන ජීවිතය වඩාත් පොහොසත් කිරීමට වීසා සමාගම කැපවී සිටින බවද ඇය සඳහන් කළාය.
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වසර පුරා විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂ වට්ටම් සහ වරප්‍රසාද රැසක් ලබාදෙන අතර පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා බැංකුව සිය ප්‍රවර්ධන වැඩසටහන් අඛණ්ඩව පුළුල් කරමින් සිටියි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, වීසා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය සහ ආයතන දෙකේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සඳහා ත්‍යාගය දිනාගත් ජයග්‍රාහකයන්ගෙන් එක් අයෙකු සේයාරුවෙන් දැක්වේ
Video Story