කොවිඩ් ණය සහන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

    September, 3, 2021

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් පසුගිය සැප්තැම්බර් 01 දින නිකුත් කර ඇත.

    COVID-19 වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව එහි සඳහන් වේ.

    තවද, COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන මෙම නවතම චක්‍රලේඛනය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව සඳහන් කර සිටී.

    අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates